ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ ණය ලකුණු වාර්තා - තනිපුද්ගල
යම් පුද්ගලයෙකු සම්බන්ධයෙන් ණය දෙන ආයතනයන් විසින් වාර්තා කරන ලද දත්ත පදනම්ව යම් ගණිතමය රීතීන් හා කොන්දේසි වලට අනුකූලව ගණනය කරන ලද සංඛ්‍යාත්මක අගය ණය ලකුණ (Credit Score) ලෙස හැඳින්වේ. එම ණය ලකුණ සහිත වාර්තාව, "ණය ලකුණ ඇතුලත් වාර්තාව - පුද්ගල" ලෙස ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය විසින් එම තොරතුරු අදාලවන පුද්ගලයාගේ ඉල්ලීම මත වාර්තාවක් ලෙස නිකුත් කරනු ලැබේ.
ණය ලකුණ, අංක 250 සිට 900 දක්වා පරාසයක පවතින අංක 3 කින් සමන්විත සංඛ්‍යාත්මක අගයක් වේ. යම් ණයකරුවකුගේ ණය ලකුණ ඉහල අගයක පවතීනම්, ඔහු හෝ ඇය ණය අවධානම අඩු ණයකරුවකු වන අතර ණය ලකුණ පහල අගයක පවතීනම්, ඔහු ගණිතමය රීතීන් හා කොන්දේසි වලට අනුකූලව “ණය ලකුණ“ ගණනය කිරීමේදී, පහත සඳහන් නිර්නායකයන් සැලකිල්ලට භාජනය කෙරේ.
- ගෙවීම් චර්යාවන්
- අධි ණයගැතිභාවය
- පුද්ගලානුබද්ධ හෝ අයතනානුබද්ධ තොරතුරු
- පවතින ණය උපයෝගී කරගන්නා ආකාරයන්
- නව ණය පිළිබඳව කරනු ලබන විමසීම්
- ණය සඳහා ඉදිරිපත් කර ඇති ඇපකරයන්
- වාර්තා වී ඇති අගරු වූ චෙක්පත්
ණය ලකුණ ඇතුලත් වාර්තාවක් (පුද්ගල) ලබාගැනීම සඳහා අනුගමනය කලයුතු පියවර