ශ්‍රි ලංකා ණය තොරතුරු කාර්යාංශයේ සමාජිකත්වය දරණ ලියාපදිංචි බැංකු හා මූල්‍ය ආයතන මොනවාද?
www.crib.lk ඔස්සේ අප කාර්යාංශයේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. ඔබට තොරතුරු දැනගත හැකියි.
ණය තොරතුරු කාර්යාංශය වෙත වාර්තා වන්නේ නොගෙවා පැහැර හරින ලද ණය පහසුකම්වල තොරතුරු පමණක්ද?
නැත. සරළව ගතහොත් ඔබ විසින් ලියාපදිංචි බැංකු හෝ මූල්‍ය ආයතනයකින් ලබාගත් ඕනෑම ණය පහසුකමකට සම්බන්ධ තොරතුරු, (ණය, කල්බදු, කුලී සින්නක්කර, ණය කාඩ්පත්, ණයවර ලිපි, බැංකු ඇපකර ආදී) ණය තොරතුරු කාර්යාංශය වෙත වාර්තා වේ. කාර්යාංශය වෙත ණය තොරතුරු වාර්තාවීමේදී එම ණය පහසුකම්වල මූල්‍ය අගය හෝ නැවත ගෙවන හෝ නොගෙවන ස්වභාවය සැළකිල්ලට නොගැනේ.
අගරු චෙක්පත් පිළිබඳ තොරතුරු ණය තොරතුරු කාර්යාංශය වෙත වාර්තා වේද?
ඔව්. නමුත් මෙහිදී ජංගම ගිණුම්වල ප්‍රමාණවත් මුදල් නොමැතිකමින් අගරුවන චෙක්පත්වල තොරතුරු පමණක් කාර්යාංශය වෙත වාර්තා වේ.
මාගේ ඉතුරුම් ගිණුම්, තැන්පතු සහතික, සුරක්ෂිත සේප්පු ආදිය පිළිබඳ තොරතුරුත් කාර්යාංශය වෙත වාර්තා වේද?
නැත.
විදුලිය, ජලය, දුරකථන, රක්ෂණය ආදි උපයෝගීතා සේවාවල තොරතුරුද ණය තොරතුරු කාර්යාංශය වෙත වාර්තා වෙනවාද?
නැත. දැනට මෙම තොරතුරු එක් රැස් නොකෙරන අතර ඉදිරියේදී එම තොරතුරුද එක් රැස් කිරීමට කටයුතු සම්පාදනය වෙමින් පවතී.
ණය තොරතුරු කාර්යාංශය වෙත ණය තොරතුරු වාර්තා කිරීම සහ යාවත්කාලීන කිරීම කරනු ලබන්නේ කවුරුන් විසින්ද?
ශ්‍රි ලංකා ණය තොරතුරු කාර්යාංශයේ සමාජිකත්වය දරණ ලියාපදිංචි බැංකු හා මූල්‍ය ආයතන විසින් කාර්යාංශය වෙත ණය තොරතුරු වාර්තා කරනු ලබන අතර, එය වර්තමානයේදී සිදු කෙරෙනු ලබනුයේ පරිඝනක පද්ධති හරහා ඉලෙක්ට්රොනිකගත මාර්ගයෙනි. දත්ත වාර්තා කිරීම හා යාවත්කාලීන කිරීම මාසිකව එම මූල්‍ය ආයතනවල ප්‍රධාන කාර්යාල හරහා සිදුකෙරේ.
සෑම අවශ්‍යතාවයකදීම මූල්‍ය ආයතනවලට තම ගනුදෙනු කරුවන්ගේ ණය තොරතුරු වාර්තා පරීක්ෂාකර බැලිය හැකිද?
නොහැක. ශ්‍රි ලංකා ණය තොරතුරු කාර්යාංශ පනතේ විධි විධාන ප්‍රකාරව පහත සඳහන් අවසරලත් වෘර්තීමය හේතු 6 සඳහා පමණක් මූල්‍ය ආයතනවලට තම ගනුදෙනු කරුවන්ගේ ණය තොරතුරු වාර්තා පරීක්ෂාකර බැලිය හැක.
- ණයකරුවෙකු ලෙස නව ණය පහසුකමක් සඳහා යෝග්‍යතාවය ඇගයීමට
- ඇපකරුවෙකු ලෙස නව ණය පහසුකමක් සඳහා සළකා බැලීමට
- හවුල්කරුවෙකු /තනි පුද්ගල ව්‍යාපාරයක අයිතිකරු ලෙස නව ණය පහසුකමක් සඳහා සළකා බැලීමට
- ලියාපදිංචි සමාගමක අධ්‍යක්ෂවරයෙකු ලෙස නව ණය පහසුකමක් සඳහා සළකා බැලීමට
- දැනට සිටින ණයකරුවෙකුගේ ණය තොරතුරු අධීක්ෂණය කිරීමට
- ජංගම ගිණුමක් විවෘත කිරීමට
ණය තොරතුරු අයථා ලෙස හෝ නීත්‍යානුකූල නොවන ආකාරයට පරිශීලනය කිරීම කාර්යාංශ පනතට අනුකූලව නීති ප්‍රකාරව දඩුවම් ලැබිය හැකි වරදකි.
එක් ණයදෙන ආයතනයක් විසින් මාගේ ණය ඉල්ලුම්පත ප්‍රතික්ෂේප කළ විට අනෙකුත් සියලු ණයදෙන ආයතන විසින්ද එය ප්‍රතික්ෂේප කරන්නේද? මෙම තොරතුරුත් කාර්යාංශය වෙත වාර්තා වේද?
විවිධ ණයදෙන ආයතනයන්හි ණය පිළිබඳ ඇගයීමේ ක්‍රමවේදයන්ද විවිධාකාර වියහැකි බැවින් ඔබගේ ණය ඉල්ලුම්පත වෙනත් ණයදෙන ආයතනයක් විසින් පිළිගැනීමටද ඉඩ ඇත. මෙම තොරතුරු ණය තොරතුරු කාර්යාංශය වෙත වාර්තා නොවේ.
මා හට මාගේ ණය තොරතුරු දැනගත හැකිද?
ඔව්. ඔබගේ ණය තොරතුරු වාර්තාව (MyReport) ලබා ගැනීම මගින් මේ පිළිබඳව දැනුවත් විය හැක. වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා අපගේ "විශේෂ පාරිභෝගික සහායක ඒකකය” වෙත යොමුවන්න. නැතහොත් සතියේ දිනවල කාර්යාල වේලාව තුල දුරකථන අංක 0112 131313 වෙත අමතන්න.
මාගේ ණය තොරතුරු දැනගැනීම සඳහා MyReport ලබාගත යුතුමද? කාර්යාංශය වෙත දුරකථනය මගින් ඇමතීමෙන් ණය තොරතුරු ලබාගත නොහැකිද?
ඔබගේ ණය තොරතුරු පරීක්ෂා කිරීමට කාර්යාංශයට බලය පැවරෙනුයේ ඔබ ඒ සඳහා නීතයානුකූලව බලය ලබා දුනහොත් පමණි. ඔබගේ ණය තොරතුරු වාර්තාව (MyReport) ජනනය කිරීමකින් තොරව එම තොරතුරු පිළිබඳව දැනගත නොහැක. MyReport සඳහා වූ ඉල්ලුම්පත මගින් ඔබ ලබාදෙන එම ලිඛිත අවසරය තුලින් ඔබගේ ණය තොරතුරු වාර්තාව ජනනය කොට ණය තොරතුරු දැනගැනීමට සැළැස්වීමට කාර්යාංශයට බලය පැවරේ. කාර්යාංශය වෙත දුරකථනය මගින් ඇමතීමෙන් ඔබගේ ණය තොරතුරු පරීක්ෂා කළ නොහැක.
මාගේ ණය තොරතුරු වාර්තාවෙහි යම් ණයදෙන ආයතනයක් මගින් වාර්තා වී ඇති නිසි පරිදි යාවත්කාලීන නොවූ ණය තොරතුරු ඇතොත් ඒවා යාවත්කාලීන කර ගැනීම, දෝෂ සහිතව වාර්තා වූ ණය තොරතුරු ඇතොත් ඒවා නිවැරදි කරගැනීම හෝ ඉවත් කර ගැනීම ආදී කටයුතු සඳහා කාර්යාංශයෙන් මගපෙන්වයිද?
ඔව්. ඔබගේ ණය තොරතුරු වාර්තාවෙහි (MyReport) අඩංගු තොරතුරුවල විෂමතාවයන් හෝ ව්‍යාකූලතාවයන් පවතී නම් ඒවා නිදොස් හෝ පැහැදිළි කර ගැනීම සඳහා අදාල බැංකු හා මූල්‍ය ආයතන සමග සම්බන්ධවී අවශ්‍ය කටයුතු සම්පාදනය කරගැනීමට කාර්යාංශය ඔබට සහාය වනු ඇත. මේ සඳහා, “දත්ත පිළිබඳ ආරවුල් නිරාකරණය කිරීමේ ක්‍රියාවලිය” පිළිබඳව අප කාර්යාංශයෙන් වැඩිදුර විස්තර දැනගත හැක.
මාගේ ණය තොරතුරු වාර්තාව (MyReport) අන්තර්ජාලය හරහා එසැණින් (on-line) ලබාගත හැකිද?
(online)පරීක්ෂාකර බැලීමේ පහසුකම දැන් ඔබටත් ලබාගත හැකියි! අපගේ වෙබ් අඩවිය වන www.crib.lk වෙත පිවිස මේ සඳහා අයදුම් කළ හැක. තවද ඔබහට “MyReport online” සේවාව සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය වන්නේ නම් සතියේ කාර්යාලීය දිනවල පෙව 9 ත් පව 3.30 ත් අතර කාලය තුල නො. 25, ශ්‍රීමත් බරොන් ජයතිලක මාවත, කොළඹ 01 හි පිහිටි අප කාර්යාංශය වෙත පෞද්ගලිකව පැමිණෙන්න. ඔබගේ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ. වැඩිදුර තොරතුරු සඳහා සතියේ දිනවල කාර්යාල වේලාව තුල දුරකථන අංක 0112 131313 වෙත අමතන්න.
දත්ත පිළිබඳ ආරවුල් නිරාකරණය වූ පසුව එහි ප්‍රතිඵල දැනගැනීම සඳහා මුදල් ගෙවා නැවතත් MyReport ලබා ගත යුතුද?
නැත. දත්ත පිළිබඳ ආරවුල් නිරාකරණය වූ පසුව කාර්යාංශය විසින් ඔබ වෙත නොමිලයේ සංශෝධිත ණය තොරතුරු වාර්තාවක් (Amended MyReport) නිකුත් කෙරෙනු ඇත.
මා හට වෙනත් කෙනෙකුගේ ණය තොරතුරු වාර්තාවක් ඉල්ලුම් කිරීමට හෝ මාගේ ණය තොරතුරු වාර්තාව ලබා ගැනීම සඳහා වෙනත් කෙනෙකු ඉදිරිපත් කළ හැකිද?
නොහැක. එවැන්නක් පිළිබඳව සළකා බැලෙන්නේ වලංගු ඇටර්නි බලපත්‍රයක් මගින් ඉල්ලීමක් ඉදිරිපත් කෙරෙන අවස්ථාවකදී පමණකි.
මාගේ ණය තොරතුරු වාර්තාව (MyReport) බැංකු නොවන මූල්‍ය ආයතනයක් මගින් ඉල්ලුම් කළ හැකිද?
නොහැක. දැනට ඔබගේ ණය තොරතුරු වාර්තාව (MyReport) ඉල්ලුම් කළ හැක්කේ ඕනෑම බැංකුවක් හරහා පමණි.
ජාතික හැඳුනුම්පත අස්ථානගතවී හෝ හානිවී ඇති විට මාගේ ණය තොරතුරු වාර්තාව (MyReport) සඳහා ඉල්ලුම් කළ නොහැකිද?
හැකිය. එවැනි අවස්ථාවලදී ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වලංගු ගමන් බලපත්‍රය හෝ වලංගු රියැදුරු බලපත්‍රය මේ වෙනුවට ඉදිරිපත් කළ හැක.
මා විසින් ඇපකරු ලෙස අත්සන් කරන ලද ණය පහසුකම් අදාල ණය කරුවන් විසින් නොගෙවා පැහැර හැරීම නිසා ණයදෙන ආයතනයක් විසින් මාගේ ණය ඉල්ලුම්පත ප්රතික්ෂේපකර ඇත. මා හට මෙම ණය කරුවන්ගේ තොරතුරු දැනගත හැක්කේ කෙසේද?
ඔබගේ ණය තොරතුරු වාර්තාව (MyReport) ලබා ගැනීම මගින් මෙම තොරතුරු දැනගත හැක.
මාගේ ණය තොරතුරු වාර්තාව (MyReport) ඉල්ලුම් කිරීමට ආසන්නම හේතුව එහි වූ නිසි ලෙස යාවත්කාලීන නොවූ ණය පහසුකමක තොරතුරු ණයදෙන ආයතනයකින් විමසීමයි. මෙය මාගේ අඩුපාඩුවක් නොවූවද එය පරීක්ෂාවට ගාස්තු ගෙවා MyReport ගැනීමට විය. ණය තොරතුරු නිවැරදි කිරීමට ගාස්තුවක් තිබේද?
මෙවැනි අවස්ථාවකදී ඔබගේ ණය තොරතුරු වාර්තාව (MyReport) පරීක්ෂා කිරීමට හා ඒ සම්බන්ධව කටයුතු කිරීමට කාර්යාංශයට බලය පැවරෙනුයේ, ඔබ නීත්‍යාණුකූලව ඒ සඳහා බලය ලබා දුනහොත් පමණි.ඔබගේ ණය තොරතුරු වාර්තාව සඳහා වූ ඉල්ලුම්පත මගින් ලබාදෙන එම ලිඛ්ත අවසරය තුලින් MyReport ජනනය කොට නිකුත් කිරීම සඳහා කාර්යාංශයට වැයවන මෙහෙයුම් පිරිවැය පමණක් ඔබගෙන් මෙම ගාස්තුව ලෙස අය කෙරේ.
ණයදෙන ආයතනයකින් ණය පහසුකමක් ඉල්ලුම් කළ විට එම ආයතනය විසින් මා වෙත දන්වා සිටියේ, මා විසින් ණය අයදුම්පත සමඟ හෙළි කළ තොරතුරු මාගේ ණය තොරතුරු වාර්තාවෙහි (CRIB Report) දැක්වෙන තොරතුරු හා නොගැලපෙන බවයි. මා කුමක් කළ යුතුද?
එවැනි අවස්ථාවලදී ඔබගේ ණය තොරතුරු වාර්තාව (MyReport) ලබා ගැනීම මගින් මේ පිළිබඳව විස්තර ඔබටම දැනගත හැක. අපගේ "විශේෂ පාරිභෝගික සහායක ඒකකය" වෙත යොමු වීමෙන් ඔබට මෙම ගැටඵ නිරාකරණය කරගැනීම සඳහා කාර්යාංශයේ සහයෝගයද ලබාගත හැක. අමතන්න 0112 131313.
මාගේ ණය ආපසු ගෙවීම් සම්බන්ධව පැවති අක්රමික තත්වයන් නිසා ණය දෙන ආයතනයක් විසින් මාගේ ණය ඉල්ලුම්පත ප්‍රතික්ශේප කර ඇත. මා හට ණය පහසුකමක් ලබා ගැනීම සඳහා ණය තොරතුරු කාර්යාංශයට මැදිහත් විය හැකිද?
නොහැක. තම ගනුදෙනු කරුවන්හට ණය දීම හෝ නොදීම සම්බන්ධයෙන් තීරණ ගනු ලබන්නේ ණයදෙන ආයතන විසිනි. ණය තොරතුරු කාර්යාංශයට ඒ සම්බන්ධයෙන් මැදිහත් විය නොහැක.
ආයතනික ණය තොරතුරු වාර්තාවක් (Corporate MyReport) ණය තොරතුරු කාර්යාංශය වෙත පැමිණ ඉල්ලුම් කළ නොහැක්කේ ඇයි?
ආයතනික ණය තොරතුරු වාර්තාවක් (Corporate MyReport) සඳහා ඉල්ලුම් කළ හැක්කේ ඒක පුද්ගල ව්‍යාපාරයක හිමිකරුට, හවුල් ව්‍යාපාරයක හවුල්කරුවකුහට හෝ ලියාපදිංචි සමාගමක අධ්යක්ෂවරයෙකුහට පමණි. මෙවැනි වාර්තාවක් ඉල්ලුම් කරනු ලබන නිලධාරීන්ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීම කාර්යාංශයට අපහසුවන අතර ඔවුන් ගනුදෙනු කරනු ලබන බැංකුවලට එය පහසුවෙන් කළ හැක. ණය තොරතුරු වාර්තා අවසරලත් පාර්ශවයන් සඳහා පමණක් නිකුත් කිරීම කාර්යාංශයේ වගකීම වන බැවින් ආයතනික ණය තොරතුරු වාර්තා (Corporate MyReport) සඳහා වූ අයඳුම්පත් ඍජුව අපගේ උපකාරක කවුඵව මගින් බාර නොගැනේ. ඒවා සැමවිටම බැංකු ශඛාවක් මගින් ඉදිරිපත් කළ යුතුය.
දත්ත පිළිබඳ ආරවුල් නිරාකරණය වුවද එහි ප්‍රතිඵලය පිළිබඳව මා හට සතුටට පත්විය නොහැක. මා හට අසාධාරණයක් සිදුවූ බව හැඟේ. මේ සම්බන්ධයෙන් ගතහැකි ඉදිරි පියවරයන් මොනවාද?
ඔබට මෙම කරුණ පහත සඳහන් නිලධාරියා වෙත යොමු කළ හැක.
මූල්‍ය ඔම්බඩ්ස්මන්වරයා
මූල්‍ය ඔම්බඩ්ස්මන් කාර්යාලය
නො. 143 A
වජිර පාර, කොළඹ.
දුරකථනය: 0112 595 624
ෆැක්ස්: 0112595625
ඊමේල්: fosril@sltnet.lk
වෙබ් අඩවිය: www.financialombudsman.lk
පසුගිය කාලයේ ඇතිවූ පෞද්ගලික හා ව්‍යාපාරික අපහසුතා නිසා මා විසින් ලබාගත් ණය ආපසු ගෙවීම සම්පූර්ණයෙන්ම මඟ හැරිනි. දැන් මා එම තත්ත්වයන්ගෙන් මිදී සිටින අතර නැවත බැංකු හා මුල්‍ය ආයතන හා එක්ව කටයුතු කිරීමට කැමැත්තෙමි. මේ සම්බන්ධව උපදෙස් ලබාගත හැකි ආයතනයක් තිබේද?
ඔබට මෙම කරුණ පහත සඳහන් ආයතනය වෙත යොමු කොට සාකච්ඡා කළ හැක.
ණය උපදේශන මධ්‍යස්ථානය
බැංකු කටයුතු අධ්‍යයන කේන්ද්‍රය
57 ශ්‍රී ජයවර්ධනපුර මාවත, රාජගිරිය.
දුරකථනය: 0112 887006 / 0112 887007
ෆැක්ස්: 0114 627154
ඊමේල්: upadeshana@gmail.com
ණය තොරතුරු කාර්යාංශයෙහි තොරතුරු පද්ධතිය තුල තම නම සටහන් වීම පාරිභෝගිකයෙකුහට අලුත් ණය පහසුකමක් ලබා ගැනීම සදහා නුසුදුසුකමක් වේද?
කිසිසේත්ම නැත.ඕනෑම පුද්ගලයෙකුගේ හෝ ව්‍යවසායක ණය තොරතුරු, කාර්යාංශයේ දත්ත ගබඩාව තුල පැවතිය හැකිය. එය ඔබට පහසුවක් මිස නුසුදුසුකමක් නොවේ.
ණය නොගෙවා පැහැර හරින ලද පාරිභෝගිකයින් ණය තොරතුරු කාර්යාංශය මගින් අසාධු ලේඛණ ගතකරනු ලැබේ යැයි සමාජයේ මතයක් පවතී. මෙය නිවැරදිද?
ශ්‍රි ලංකා ණය තොරතුරු කාර්යාංශය කිසිදු පුද්ගලයෙකු හෝ ආයතනයක් කිසිදු ආකාරයකින් ලේඛණගත කිරීමක් (Listing) හෝ වර්ගීකරණයක් සිදු නොකරයි.
ණය තොරතුරු කාර්යාංශය විසින් පුද්ගලයන් හෝ ව්‍යවසායන්ට ණය දීම හෝ නොදීම සඳහා නිර්දේශ සිදුකරන්නේද?
කිසිසේත්ම නැත. අප කාර්යාංශය මගින් නිකුත් කෙරෙනු ලබන ණය තොරතුරු වාර්තාවල ගනුදෙනු කරුවන්හට ණය දීම හෝ නොදීම කෙරෙහි බලපෑම් කෙරෙන කිසිදු නිර්දේශයක් හෝ අදහසක් ඇතුලත් නොවේ. තම ගනුදෙනු කරුවන්හටහට ණය දීම හෝ නොදීම ණය දෙන ආයතනවල තීරණයකි. ණය තොරතුරු කාර්යාංශයෙන් සිදුකෙරෙනුයේ තම සාමාජික මූල්‍ය ආයතන වලින් එක් රැස් කරන ණය තොරතුරු ඒ ආකාරයෙන්ම ණය තොරතුරු වාර්තා ස්වරූපයෙන් නැවත ලබාදීම පමණෙකි. ණය දීමේ ක්‍රියාවලිය තුල එම තොරතුරු භාවිත කිරීම හෝ කරන ආකාරය පිළිබඳ සම්පූර්ණ වගකීම මූල්‍ය ආයතන සතුය.
පවතින ණය පහසුකම් සම්පූර්ණයෙන්ම ගෙවා නිමකළ විට ගනුදෙනු කරුවන්හට තම නම ණය තොරතුරු කාර්යාංශයේ තොරතුරු පද්ධතියෙන් ඉවත් කරගත හැකිද?
පවතින ණය පහසුකම සම්පූර්ණයෙන්ම ගෙවා නිමකළ විට දත්ත යාවත්කාලීන වීමත් සමගම එම ණය පහසුකම “ගෙවා නිමි” ණය පහසුකමක් ලෙස ණය තොරතුරු වාර්තාවේ දිස්වනු මිස, සියඵ තොරතුරු එසැනින් ඉවත්වයාමක් සිදුනොවේ.
ණය ලකුණ (Credit Score) යනු කුමක්ද?
ණය ලකුණ යනු යම් ණය ගනුදෙනු කරුවෙකු විසින් මීට පෙර ලබාගත් ණය සහ එම ණය සඳහා ආපසු ගෙවීම් සිදුකළ ආකාරය මත පදනම්ව ඔහුගේ හෝ ඇයගේ ණය අවධානම පුරෝකථනය කිරීම සඳහා ගණනය කරන ලද සංඛ්‍යාත්මක අගයකි. ණය ලකුණ මගින් පුද්ගලයෙකු හා බැඳී පවතින ණය අවධානම හෙවත් ණය නොගෙවා පැහැර හැරීමට ඇති සම්භාවිතාව පෙන්නුම් කරනු ලබයි.
ණයදෙන ආයතන විසින් ණය ලකුණ භාවිතා කරනු ලබන්නේ ඇයි?
ණය ලකුණ ක්‍රමවේදය ණය අවධානම් කළමණාකරනය සඳහා යොදා ගන්නා දියුණු උසස් ක්රමවේදයකි. මෙමගින් ණය දෙන ආයතන විසින් ණය අවධානම් කළමණාකරනයේදී ගනු ලබන තීරණ වඩාත් යථාර්තවාදී ලෙස සිදුකළ හැකි වේ. එම තීරණ ගැනීම සඳහා පුද්ගල බද්ධතාවයෙහි ඇති බලපෑම අවම වන බැවින් අදාල තීරණවල නිවරැදිතාවය ප්‍රශස්ථ මට්ටමක පැවතිය හැකියි. ගනුදෙනු කරුවන්ගේ ණය ශක්‍යතා අධ්‍යයන සඳහා ගතවන කාලය සහ ශ්‍රමය ඉතිරි වීම නිසා එම ආයතන වෙත පිරිවැය වාසි සැළසේ. ණය ලකුණ භාවිතයෙන් ණය ලබාදීම සඳහා තිරණ ගැනීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම මට්ටමකින් පවත්වාගෙන යාමට ඇති හැකියාව නිසා ණයදෙන ආයතන ණය ලකුණ භාවිතය සඳහා වැඩි නැඹුරුවක් දක්වයි.
ඔබගේ ණය ලකුණ වැදගත් වන්නේ ඇයි?
ණය ලකුණ භාවිතයෙන් ඔබහට ඔබගේ ණය අවධානම සහ මුල්‍ය විනය පිළිබඳ වඩාත් හොඳ අවබෝධයක් ඉක්මණින් හා පහසුවෙන් ලබාගත හැකි වේ. එය අළුතින් ණය පහසුකමක් ලබා ගැනීම සඳහා ප්‍රවේශ වීමේදී පහසුවකි. ණය අවධානම නිසිලෙස කළමණාකරනය කර ගැනීම මගින් යහපත් ණය ශක්‍යතාවයක් උපදවාගත හැකි වේ.
ණය ලකුණ මගින් ඉදිරිපත් කරනු ලබන්නේ කුමක්ද?
යම් පුද්ගලයෙකුගේ ණය තොරතුරු පරිගණකගත ඇල්ගොරිදමයක් වෙත යොමු කිරීමෙන් ණය ලකුණ ගණනය කරනු ලබයි. එය අංක 03 කින් සමන්විත සංඛ්‍යාත්මක අගයකි. ඔබගේ ණය ලකුණ මගින් පෙන්නුම් කෙරෙනුයේ ඔබ හා බැඳී පවතින ණය අවධානමයි. ඉහළ අගයකින් යුතු ණය ලකුණක් සහිත ණය ගනුදෙනු කරුවන්ගේ ණය අවධානම පහළ ලෙසත් පහළ අගයකින් යුතු ණය ලකුණක් සහිත ගනුදෙනු කරුවන්ගේ ණය අවධානම ඉහළ ලෙසත් හඳුනා ගැනේ.
ඔබගේ ණය ලකුණ නොවෙනස්වන සුඵද?
නැත. ණය ලකුණ ගණනය කරනු ලබන්නේ යම් අවස්ථාවක ණය තොරතුරු ගබඩාව තුල පවතින තොරතුරු මත පදනම්ව වේ. ණය තොරතුරු කාලානුරූපීව යාවත්කාලීන වන බැවින් ඒ අනුව ඔබගේ ණය ලකුණද වෙනස් විය හැකියි. ණය ලකුණ සැමවිටම වෙනස්වන සුඵ නිසා ඔබගේ ණය ආපසු ගෙවීමේ ක්‍රියාවලිය ක්‍රමවත් කර ගැනීම මගින් ඉක්මණින් හා පහසුවෙන් ප්‍රශස්ථ ණය ලකුණක් කරා ළගාවීමේ හැකියාව පවතී.
ණයදෙන ආයතන මගින් තම ගනුදෙනු කරුවන්ගේ ණය ශක්‍යතා අධ්‍යයනය සඳහා ණය ලකුණ පමනක් භාවිතා කරනු ලබන්නේද?
ණයදෙන ආයතන මගින් තම ගනුදෙනු කරුවන්ගේ ණය ශක්‍යතා අධ්‍යයනය සඳහා ණය තොරතුරු වලට අමතරව ඔවුන්ගේ ආදායම්, වියදම්, අවශේෂ මුල්‍ය වගකීම්, පෞද්ගලික තොරතුරු ආදී පුඵල් පරාසයක විහිදුන තොරතුරු සමුදායක් භාවිත කරනු ලබයි. ණය ලකුණ එහිදී භාවිතා කරනු ලබන එක් නිර්ණායකයක් පමනි.
“CRIB Score” හෙවත් “CRIB ණය ලකුණ” යනු කුමක්ද?
“CRIB Score” හෙවත් “CRIB ණය ලකුණ” යනු ශ්‍රි ලංකා ණය තොරතුරු කාර්යාංශය විසින් ප්‍රථම වරට අප රටට හඳුන්වාදුන් ණය ලකුණයි. ණය ලකුණ සංඛ්‍යාත්මකව අංක 250 සිට 900 දක්වා වූ පරාසයක විහිදෙන අතර ඔබගේ ණය තොරතුරු වාර්තාවෙහි අඩංගු ණය තොරතුරු මත පමනක් පදනම්ව ගණනය කරනු ලබයි. CRIB ණය ලකුණ පුද්ගල සහ ආයතනික ලෙස දෙයාකාර වේ.
CRIB ණය ලකුණ මාගේ ණය තොරතුරු වාර්තාව සඳහා ආදේශකයක් ලෙස යොදා ගැනෙන්නේද?
නැත. CRIB ණය ලකුණ වාර්තාව ශ්‍රි ලංකා ණය තොරතුරු කාර්යාංශයේ සේවාවන් වඩ වඩාත් පුඵල් කිරීමේ අරමුණින් ඉදිරිපත් කරන ලද තවත් අගය එකතු කළ සේවාවකි. ඔබගේ ණය තොරතුරු වාර්තාව ඉදිරියෙහිදිත් ඔබ වත නිකුත් කෙරෙනු ඇත.
මාගේ ණය ලකුණ සඳහා බලපාන සාධක මොනවාද? එය ගණනය කිරීම සඳහා කුමන තොරතුරු යොදා ගනු ලබන්නේද?
ඔබගේ ණය තොරතුරු වාර්තාවෙහි අඩංගු ණය තොරතුරු මත පමනක් පදනම්ව “CRIB ණය ලකුණ”ගණනය කරනු ලබයි. එහිදී පහත සඳහන් ණය තොරතුරු ප්‍රධාන වේ.
- ඔබගේ ණය ආපසු ගෙවුම් අතීතය පිළිබඳ තොරතුරු.
- ඔබ විසින් ලබාගෙන ඇති ණය පහසුකම් පිළිබඳ තොරතුරු.
- ඔබ විසින් ඇපකරුවෙකු ලෙස සම්බන්ධවී ඇති ණය පහසුකම් පිළිබඳ තොරතුරු.
- ණය තොරතුරු කාර්යාංශය වෙත වාර්තාවී ඇති අගරු චෙක්පත් පිළිබඳ තොරතුරු.
- ණය දෙන ආයතන විසින් මීට පෙර ඔබගේ ණය තොරතුරු වාර්තාව පිළිබඳ සිදුකරන ලද විමසීම් පිළිබඳ තොරතුරු.
මාගේ ණය ලකුණ වාර්තාව පරීක්ෂා කර බැලීම සඳහා අවසර ලැබෙනුයේ කුමණ පාර්ශවයන්ටද? ඕනෑම පුද්ගලයෙකු හෝ ආයතනයකට ඕනෑම විටෙක එය පරීක්ෂා කර බැලිය හැකිද?
නැත. කාර්යාංශයේ පනතේ විධි විධාන ප්‍රකාරව ඔබගේ ණය ලකුණ වාර්තාව පරීක්ෂා කර බැලීම සඳහා අවසර ලැබෙනුයේ අප කාර්යාංශයේ සාමාජිකතවය දරණ ලියාපදිංචි ණය දෙන ආයතනවල සේවය කරනු ලබන අවසරලත් පරිශීලකයන් හට පමනි. ඒ සඳහා ඔවුනට අවසර ලැබෙනුයේ ඔබ අඵතින් ණය පහසුකමක් සඳහා ඉල්ලුම් කිරීමේදී, ඇපකරුවෙකු ලෙස සම්බන්ධ වීමේදී හෝ දැනට ඔවුන් සතුව පවතින ඔබගේ ණය පහසුකමක් අධීක්ෂණය කිරීමට හෝ සමාලෝචනය කිරීමට පමනි. මීට අමතරව පොදු මහජනතාවට හෝ ආයතන වලට තම ණය ලකුණ පරීක්ෂා කර බැලිය හැකියි.
මාගේ ණය ලකුණ වාර්තාව ලබාගත හැක්කේ කෙසේද?
ඔබගේ ණය ලකුණ වාර්තාව නිකුත් කෙරෙනුයේ ඔබගේ ණය තොරතුරු වාර්තාව (MyReport) සමග පමනි. ඔබගේ ණය තොරතුරු වාර්තාව සතියේ කාර්යාල දිනවල පෙ.ව. 9 සිට ප.ව. 3.30 දක්වා කාලය තුල අප කාර්යාංශය වෙත පෞද්ගලිකව පැමිණ ලබාගත හැකි වේ. එමෙන්ම ඔබ ගනුදෙනු කරනු ලබන බැංකු ශාඛාවක් හරහා ඉල්ලුම් පතක් කාර්යාංශය වෙත යොමු කිරීමෙන් ලියාපදිංචි තැපෑලෙන් නිවසට ගෙන්වාගත හැකියි. මීට අමතරව කාර්යාංශයේ වෙබ් අඩවිය www.crib.lk වෙත පිවිස මාර්ගගත (online) ලෙසද ඉල්ලුම් කර ලබාගත හැකියි. කොන්දේසී අදාල වේ. වැඩිදුර විස්තර සඳහා දුරකතන අංක 0112131313 ඔස්සේ අප කාර්යාංශය හා සම්බන්ධ විය හැකියි.
මාගේ ණය ලකුණ වාර්තාවක් සැමවිටම කාර්යාංශය මගින් නිකුත් කෙරෙනු ලබන්නේද?
නැත. පහත සඳහන් අවස්ථාවන්හිදී කාර්යාංශයට ඔබගේ ණය ලකුණ වාර්තාවක් නිකුත් කිරීමට නොහැකියාවක් පවතී.
- ඔබගේ ණය තොරතුරු අප කාර්යාංශය වෙත වාර්තා වී නොමැති අවස්ථාවන්හිදී හෝ කාර්යාංශය සතුව පවතින ණය තොරතුරු ප්‍රමාණාත්මක නොවන අවස්ථා වලදී
- කාර්යාංශය සතුව පවතිනුයේ ඔබ විසින් ඇප කරුවෙකු ලෙස සම්බන්ධවූ ණය පහසුකම් පිළිබඳ ණය තොරතුරු පමනක් වන අවස්ථාවන්හිදී
මාගේ ණය ලකුණ වාර්තාව කියවා ඒ පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගැනීම සඳහා කාර්යාංශය මගින් මගපෙන්වීමක් සිදුකෙරෙන්නේද?
මේ සඳහා අප විසින් නිකුත් කරන ලද උපදෙස් පත්‍රිකා කාර්යාංශයේ වෙබ් අඩවියේ බාගත කිරීමේ මෙනුව (Downloads) වෙත පිවිස ලබාගත හැකිය. මේ සම්බන්ධයෙන් ඔබහට වැඩිදුර පැහැදිළි කිරීමක් අවශ්‍ය වන්නේ නම් දුරකතන අංක 0112131313 ඔස්සේ අප සතියේ කාර්යාල දිනවල අප කාර්යාංශය හා සම්බන්ධ විය හැකිය.