1990 අංක 18 දරණ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ පනත (1995 අංක 08 සහ 2008 අංක 42 ලෙස සංශෝධනයට ලක්ව ඇත) යටතේ පිහිටුවන ලද ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය, දකුණු ආසියාවේ පිහිටුවන ලද පළමුවන ණය තොරතුරු කාර්යාංශයයි.
රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම සාමූහික සහභාගීත්වයෙන් ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස පිහිටුවා ඇති ණය තොරතුරු කාර්යාංශයෙහි හිමිකාරත්වය ශ්‍රී ලංකා මහ බැංකුව, ලියාපදිංචි වාණිජ බැංකු, ලියාපදිංචි විශේෂ බැංකු, ලියාපදිංචි මූල්‍ය සහ ලීසිං සමාගම් විසින් දරනු ලැබේ. වැඩිදුර කියවන්න
බැංකු හා මූල්‍ය ආයතන තම ගණුදෙනුකරුවන්හට ණය ලබාදීමේදී ගනු ලබන තීරණ නිවැරදි හා කාර්යක්ෂම කිරීමට අවශ්‍යය තොරතුරු කලට වේලාවට සපයාදෙමින්, ආර්ථිකයේ සෑම අංශයකටම ණය ගලායාම පහසුකරවීමට ණය තොරතුරු කාර්යාංශය බළාපොරොත්තුවන අතර ණය සඳහා වගකීමෙන් බැඳි, යහපත් ණය ශක්‍යතාවයකින් හෙබි සමාජයක් භිහිකරලීමෙහිලා පෙරගමන්කරු ලෙස කටයුතු කරයි.
පොදු මහජනතාවට ඉක්මණින් හා පහසුවෙන් ණය ලබාගත හැකි පසුබිමක් රට තුල නිර්මාණය කිරීම සඳහා අප පෙරමුණ ගෙන සිටිමු! පුද්ගලයින් හා ව්‍යවසායන් සඳහා ණය තොරතුරු වාර්තා නිකුත් කිරීම මගින් ණය සම්බන්ධව වගකීමෙන් කටයුතු කිරීමට අප ඔබව දිරි ගන්වන්නෙමු. එය ඔබට යහපත් ණය ශක්‍යතාවක් උපදවා ගැනීම සඳහා උපකාරී වේ.
මූලාරම්භයේ සිටම තම ණය සම්බන්ධ වූ හැසිරීම ක්‍රමාණූකූල ලෙස සකසා ගැනීම, ව්‍යාපාරික ලෝකයේ ඉදිරි පියවරයන් සඳහා බැංකු හා මූල්‍ය ආයතන සමග කටයුතු කිරීමේදී අවශ්‍ය වන විශ්වාසනීයත්වය ගොඩනංවා ගැනීමට උපකාරී වේ.
ඔබගේ ණය සම්බන්ධ ක්‍රියා පිළිවෙල ක්‍රමාණුකූල නම් එය ණය සඳහා ප්‍රවේශ වීම පහසු කරවයි! අප ඒ සඳහා ඔබට මඟ පෙන්වන්නෙමු.
ණය හා මුල්‍ය තොරතුරු රැස් කිරිම හා බෙදා හැරිම සඳහා අප වෙත පැවරුනු ව්‍යවස්ථාපිත වගකීම සපුරාලීම
දත්ත කළමණාකරනය සහ සුරක්ෂිතව තොරතුරු සම්පාදනය කීරිම සඳහා තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ පිළිගත් යහභාවිතාවන් හා ප්‍රමිතීන්ට අනුකුලව කටයුතු කිරිම
පරිභෝගිකයන් හට හිතැති සේවාවක් සැපයීම
ණය සඳහා පහසුවෙන් ප්‍රවේශ විමට අවස්ථා ප්‍රවර්ධනය කීරිම
ණය සඳහා වගකීමෙන් බැඳි සමාජයක් භිහි කරලීම
In our quest towards promoting a responsible, credit-worthy...
According to the provisions of Credit Information Bureau Act...
Director/GM Pushpike Jayasundara shares Insights...
Director/GM Pushpike Jayasundara shares Insights for...
Facilitates Direct Public Access to Credit Reports and...
The Credit Information Bureau of Sri Lanka (CRIB), in its...
Promotes individual credit health through CRIB “MyReport”...
Q: Can you provide an overview of the Credit Information...
Our recent CSR initiative, "Education Assistance for Two Remote...
I am pleased to present the audited financial statements and...
In a significant move to elevate its customer services, CRIB...
Your Credit Report is a record of your credit repayment history...
Prior to the formation of CRIB, Banks and Financial institutions...