ඔබගේ ණය තොරතුරු වාර්තාව (MyReport) මාර්ගගතව (Online) ලබා ගන්නේ කෙසේද?
ඔබගේ ණය තොරතුරු වාර්තාව (MyReport) මාර්ගගත (online) ක්‍රමයට ලබා ගන්නේ කෙසේද?
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය විසින් ඔබගේ ණය තොරතුරු වාර්තාව මාර්ගගතව ලබා ගැනීම සඳහා පහත සඳහන් ක්‍රමවේදයන්ට අනුව පහසුකම් සළසා දී ඇත.
- ONLINE MyReport සේවාව - මාර්ගගත සේවාව සඳහා ලියාපදිංචි වී එමගින් නිකුත් කරන ලද පරිශීලක හැඳුනුම් අංකය භාවිතයෙන් සේවාව වෙත පිවිස ස්වකීය ණය තොරතුරු වාර්තාව ලබා ගැනීම.
- MyReport ONLINE සේවාව - සේවාව සඳහා පෙර ලියාපදිංචි වීමකින් තොරව කාර්යාංශයේ වෙබ් අඩවිය හරහා මෙම සේවාව වෙත පිවිස ස්වකීය ණය තොරතුරු වාර්තාව ලබා ගැනීම.
ONLINE MyReport සේවාව සඳහා ලියාපදිංචි වීමේ ක්‍රියා පිළිවෙල
ONLINE MyReport - පුද්ගල
- කොළඹ 01, සර් බාරොන් ජයතිලක මාවතේ, අංක 25 දරන ස්ථානයෙහි පිහිටි අප කාර්යාංශය වෙත සතියේ කාර්යාලීය දිනවල පෙ.ව.9.00 සිට ප. ව. 3.30 දක්වා කාලය තුල පුද්ගලිකව පැමිණ මෙම සේවාව සඳහා ලියාපදිංචි වීමට ඇති අයදුම්පත (ONLINE MyReport Application Form) නිසි ලෙස සම්පුර්ණ කොට ඉදිරිපත් කළ යුතු වේ.
- අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඔබගේ ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වලංගු රියදුරු බලපත්‍රය හෝ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වලංගු ගමන් බලපත්‍රය (Passport) හෝ ඉදිරිපත් කිරීම අනිවාර්යය වේ.
- අයදුම්පත හා සම්බන්ධ මාර්ගගත සේවා ගිවිසුමට ඔබගේ එකඟතාවය පළකිරීමෙන් පසු ලියාපදිංචිය සිදුකෙරේ.
- ONLINE MyReport සේවාව සඳහා ලියාපදිංචි වීමෙන් අනතුරුව එම සේවාව සඳහා ප්‍රවේශ වීමට අවශ්‍ය පරිශීලක අංකය සහ මුරපදය (User ID and Password) කාර්යාංශය මගින් එම මොහොතේම නිකුත් කරනු ඇත.
ONLINE MyReport - ආයතනික
එම වාර්තාව ලබාගැනීම සඳහා අනුගමනය කලයුතු පියවරයන්.
"මූලික අභිනියෝජිතයා" යනු මාර්ගගත ආයතනික ණය තොරතුරු වාර්තාව ලබාගැනීම සඳහා ප්‍රවේශ වීමට අවසර ඇති පුද්ගලයාය. අවශ්‍යයෙන්ම ඔහු හෝ ඇය එම ව්‍යාපාර ආයතනයේ හෝ සමාගමේ හිමිකරු / හවුල්කරු / අධ්‍යක්ෂකවරයෙකු විය යුතුය. "මූලික අභිනියෝජිතයා" විසින් නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම් පත කාර්යාංශයේ සමාජිකත්වය දරන වාණිජ බැංකුවක් වෙත හෝ විශේෂිත බැංකුවක් වෙත ඉදිරිපත් කල යුතුය.
නිසි ලෙස සම්පුර්ණ කරන ලද, එම ආයතනයෙහි හිමිකරු / හවුල්කරු / අධ්‍යක්ෂකවරයෙකු විසින් ආයතනික රබර් මුද්‍රාව සහිත ව "මූලික අභිනියෝජිතයා" විසින් අත්සන් කොට සහතික කරන ලද අයදුම්පත (අයදුම්පත, කාර්යාංශ වෙබ් අඩවියෙන් (crib.lk) ලබා ගත හැක.) සමග ව්‍යාපාරික ලියාපදිංචි කිරීමේ සහතිකයෙහි සහ අධ්‍යක්ෂවරුන් පිළිබඳ තොරතුරු සඳහන් ආකෘති පත්‍රය (Form 01 / Form 20) සහ VAT ලියාපදිංචි සහතිකයෙහි (ඇත්නම්) සහ "මූලික අභිනියෝජිතයා" ගේ ජාතික හැඳුනුම්පතෙහි සහ අධ්‍යක්ෂක මණ්ඩල යෝජනාවෙහි ("මූලික අභිනියෝජිතයා" ට බලය පැවරීමේ) මුල් පිටපත් සහ එහි පැහැදිලි ඡායා පිටපත් සමග කාර්යාංශය විසින් බලය දී ඇති බැංකු නිලධාරියෙකු වෙත ඉදිරිපත් කල යුතු වේ.
කාර්යාංශය විසින් බලය දී ඇති බැංකු නිලධාරියා විසින් මාර්ගගත ආයතනික ණය තොරතුරු වාර්තාව (Online MyReport) ලබාගැනීම සඳහා වූ අයදුම්පත සමග ඉදිරිපත් කර ඇති ව්‍යාපාරික ලියාපදිංචි කිරීමේ සහතිකයෙහි සහ අධ්‍යක්ෂවරුන් පිළිබඳ තොරතුරු සඳහන් ආකෘති පත්‍රය (Form 01 / Form 20) සහ VAT ලියාපදිංචි සහතිකයෙහි (ඇත්නම්) සහ "මූලික අභිනියෝජිතයා" ගේ ජාතික හැඳුනුම්පතෙහි සහ අධ්‍යක්ෂකවරයා මණ්ඩල යෝජනාවෙහි ("මූලික අභිනියෝජිතයා" ට බලය පැවරීමේ) මුල් ලේඛන සහ එහි ඡායා පිටපත් පරික්ෂා කොට, එම අයදුම්පත සහ ඒ සමග ඉදිරිපත් කර ඇති සනාථ කිරීමේ ලේඛනයන් සත්‍ය පිටපත් බවට සහතික කල යුතු වේ. (බැංකු රබර් මුද්‍රාව සමග)
කාර්යාංශය විසින් බලය දී ඇති බැංකු නිලධාරියා විසින් සහතික කරන ලද මාර්ගගත ආයතනික ණය තොරතුරු වාර්තාව (Online MyReport) ලබාගැනීම සඳහා වූ අයදුම්පත සහ අනෙකුත් සනාථ කිරීමේ ලේඛනයන් හි පිටපත් සමග ගෙවීම් / තැන්පතු රිසිට්පත (Online MyReport සේවාව සඳහා ලියාපදිංචි කිරීමේ ගාස්තුව) කාර්යාංශය වෙත යොමු කලයුතු වේ.
මාර්ගගත ණය තොරතුරු සේවාව සඳහා ලියාපදිංචි වීමෙන් අනතුරුව, "මූලික අභිනියෝජිතයා" හට එම සේවාව සඳහා ප්‍රවෙශ වීමට අවශ්‍ය පරිශීලක අංකය (User ID) සහ මුරපදය (Password) කාර්යාංශය මගින් නිකුත් කරනු ලබන අතර ඒ සඳහා ඇති "ව්‍යාපාරික සේවා බිහිදොර" වෙබ් අඩවිය හරහා මෙම සේවාව මගින් සතියේ දින 7 ම පැය 24 පුරාවටම, මාර්ගගත ආයතනික ණය තොරතුරු වාර්තාව (Online MyReport) ලබාගත හැක.