CIMS වෙත පිවිසෙන්න STR වෙත පිවිසෙන්න DSS වෙත පිවිසෙන්න
ලියාපදිංචි පරිශීලකයින් ලියාපදිංචි නොවූ පරිශීලකයින්
  • මුල් පිටුව
  • ආයතනික තොරතුරු
    • කාර්යාංශ පැතිකඩ
    • අපගේ කාර්යභාරය
    • ඉතිහාසය
    • පරිපාලන ව්‍යුහය
    • නීතිමය තොරතුරු
    • සාමාජික ආයතන
  • අපගේ සේවාවන්
    • සාමාජික ආයතන සඳහා ණය තොරතුරු සේවා
      • ණය තොරතුරු කළමනාකරණ පද්ධතිය
      • ණය තොරතුරු/ණය ලකුණු වාර්තා
      • අගය එකතු කළ සේවාවන්
    • සාමාන්‍ය ජනතාව සඳහා ණය තොරතුරු සේවා
      • ස්වකීය ණය තොරතුරු වාර්තාව (MyReport) - පුද්ගල
      • ස්වයං විමසීම් ණය වාර්තාව (MyReport) - ආයතනික
    • සුරක්ෂිතලත් ගනුදෙනු ලේඛණ පද්ධති සේවාව
  • උපකාරක කවුඵව
    • නිතර අසනු ලබන ප්‍රශ්න (FAQs)
    • ඔබ වෙනුවෙන් අපගේ වගකීම
    • ඔබගේ ණය තොරතුරු වාර්තාව (MyReport) මාර්ගගතව (Online) ලබා ගන්නේ කෙසේද?
    • දත්ත පිළිබඳ ආරවුල් නිරාකරණය
  • මාධ්‍ය
    • නවතම පුවත් හා තතු විත්ති
    • තොරතුරු සහිත වීඩියෝ
    • ඉගෙනුම් මධ්‍යස්ථානය
  • බාගත කිරීම්
  • අපව අමතන්න
  • Sinhala (Sri Lanka)
  • தமிழ் (இந்தியா)
  • English (United Kingdom)
  • Sinhala (Sri Lanka)
  • தமிழ் (இந்தியா)
  • English (United Kingdom)
ණය තොරතුරු/ණය ලකුණු වාර්තා

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය විසින් ණය කරුවන්ගේ සහ අනාගත ණයකරුවන්ගේ ණය හා මූල්ය තොරතුරු එක් රැස් කර, සසදා, ගොණුගත කර, කාර්යාංශයේ සාමාජිකත්වය දරණ ණය දෙන ආයතනවල සහ එම ණය හා මූල්ය තොරතුරු අයත් පුද්ගලයන්/ ආයතනවල ඉල්ලීම පරිදි නැවත එම තොරතුරු ණය තොරතුරු වාර්තා ස්වරූපයෙන් නිකුත් කරනු ලැබේ.

පුද්ගලයින් හෝ ව්යවසායන් විසින් ලියාපදිංචි ණය දෙන ආයතනවලින් ලබාගත් ණය හා එම ණය සඳහා ආපසු ගෙවිම් සිදුකරන ආකාරය පිළිබඳ තොරතුරු, ණය තොරතුරු වාර්තාවලින් පෙන්නුම් කරයි.

ණය කරුවන්ගේ පෞද්ගලික තොරතුරු, හැඳුනුම්පත් පිළිබඳ තොරතුරු, ලිපින, රැකියා, ව්යපාරික සබඳතා ආදිය පිළිබඳ තොරතුරුද ණය තොරතුරු වාර්තාවල ඇතුලත් වේ. මේවාට අමතරව පසුගිය සය මසක කාලය තුල එම ණය තොරතුරු පරීක්ෂා කළ ණය දෙන ආයතන හා අදාල අවශ්යතාවය පිළිබඳ සංශිප්ත තොරතුරුද දැක්වේ.

අප කාර්යාංශය මගින් නිකුත් කරනු ලබන ණය ලකුණ (CRIB Score) මගින් යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් සතු ණය අවධානම පෙන්නුම් කරයි. කාර්යාංශය වෙත වාර්තාවී ඇති ණය තොරතුරු පරිගණකගත ඇල්ගෝරිදමයක් වෙත යොමු කිරීමෙන් ඔබගේ ණය ලකුණ ගණනය කෙරෙනු ලබන අතර එම ලකුණ 250 සිට 900 දක්වා වූ පරාසයක විහිදේ. ණය අවධානම කාණ්ඩ 5 ක් යටතේ ඉතා අධි අවධානම්, අධි අවධානම්, සාමාන්ය අවධානම්, අඩු අවධානම් සහ ඉතා අඩු අවධානම් ලෙස වර්ග කෙරෙන අතර ඔබගේ ණය ලකුණ හා අදාල ණය අවධානම් කාණ්ඩයක් පවතී. ණය ලකුණ ඉහළ යාමේදී ණය අවධානම අඩුවන අතර ණය ලකුණ පහළ යාමේදී ණය අවධානම ඉහළ යයි. ණය ලකුණක් මගින් සරලව පෙන්නුම් කරනු ලබන්නේ යම් ගනුදෙනුකරුවෙකු ණය නොගෙවා පැහැර හරීමට ඇති සම්භාවිතාවයයි.

වර්තමානයේ කාර්යාංශය විසින් පහත සඳහන් ණය තොරතුරු වාර්තා සහ ණය ලකුණ වාර්තා නිකුත් කරනු ලබයි.
  • සවිස්තරාත්මක ණය තොරතුරු වාර්තාව - පුද්ගල

  • සවිස්තරාත්මක ණය තොරතුරු වාර්තාව - ආයතනික

  • CRIB ණය ලකුණ වාර්තාව - පුද්ගල

  • CRIB ණය ලකුණ වාර්තාව - ආයතනික


පොදු මහජනතාව සඳහා
  • ස්වකීය ණය තොරතුරු වාර්තාව පුද්ගල (MyReport – Individual)

  • ස්වකීය ණය තොරතුරු වාර්තාව ආයතනික (MyReport – Corporate)

  • පුද්ගල ණය තොරතුරු වාර්තාවෙහි ගැනුම්කරුගේ පුද්ගල ණය පිළිබද විස්තර ඇතුළත් වේ.
  • ආයතනික ණය තොරතුරු වාර්තාවක ඇතුලත් වන්නේ අදාල ආයතනය විසින් ලබාගත් ණය පහසුකම් පිළිබද තොරතුරුයි.
  • යම් පුද්ගලයෙකු හෝ ව්‍යවසායක් ලියාපදිංචි ණය දෙන ආයතනයකින් කිසිදු ණය පහසුකමක් ලබාගෙන නොමැති හෝ ඇපකරුවෙකු ලෙස බැඳීම් ප්‍රකාශකර නොමැති බවට වාර්තාවී ඇති දත්ත මගින් තහවුරු වන අවස්ථාවලදී "බැදීම් රහිත වාර්තාව හෙවත් " “No-Hit Report” නිකුත් කරනු ලැබේ.
ප්‍රධාන සම්බන්ධක
  • කාර්යාංශ පැතිකඩ
  • ඉතිහාසය
  • නිතර අසනු ලබන ප්‍රශ්න (FAQs)
  • බාගත කිරීම්
  • පුවත්
  • අපව අමතන්න
  • නියමයන් සහ කොන්දේසි
  • රහස්යතා ප්‍රතිපත්තිය
අප හා සම්බන්ධ වන්න
ශ්‍රී ලංකාවේ ණය තොරතුරු කාර්යාංශය
අංක 201, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, කොළඹ 02.
+94 112 131313
info@crib.lk
www.crib.lk

Social Media

logo
© 2025 ශ්‍රී ලංකාවේ ණය තොරතුරු කාර්යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි.