රහස්යතා ප්‍රතිපත්තිය

මෙම අන්තර් ජාල පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය මගින් ඔබ මෙම වෙබ් අඩවියට පිවිසුන විට අප විසින් ඔබෙන් ලබා ගන්නා පුද්ගලයන් හඳුනා ගැනීමේ තොරතුරු (පෞද්ගලික තොරතුරු) ක්‍රිබ් ආයතනය භාවිත කරන ක්‍රමය පැහැදිලි කරයි.

මෙම වෙබ් ආයතනය භාවිත කිරීම මගින් මෙම පෞද්ගලික ප්‍රතිපත්තියේ නියම හා කොන්දේසි ඔබ විසින් පිළිගෙන ඒවා තේරුම් ගෙන ඇතිබව පෙන්නුම් කරයි. මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය ක්‍රිබ් වෙබ් අඩවියට අදාළ නියම හා කොන්දේසිවලට ඇතුළත් කර ඇති අතර, ඔබ මෙම වෙබ් අඩවිය භාවිත කරන විට ඔබ එම නියම හා කොන්දේසිවලින් පාලනය වේ.

පෞද්ගලික තොරතුරු එකතු කරගත්තේ කුමන අවස්ථාවිදි සහ අප එවා භාවිත කරන්නේ කෙසේද?

පෞද්ගලිත තොරතුරු යනු එම තොරතුරුවලින්ම හෝ එම පුද්ගලයාට සම්බන්ධකර ඇති හෝ සම්බන්ධ කල හැකි වෙනත් පෞද්ලිකව හඳුනාගත හැකි තොරතුරු ඒකාබද්ධ කර යම් තැනැත්තෙකු හඳුනාගැනිමට හෝ ඔහුගේ අනන්‍යතාවය හඳුනාගැනිමට භාවිත කල හැකි තොරතුරු වේ. එවැනි තොරතුරුවලට උදාහරණ කිහිපයක් වනුයේ නම, ලිපිනය ඊ මේල් ලිපිනය , දුරකථන අංකය, විදේශ ගමන් බලත්‍ර අංකය , ජාතික හැඳුනුම්පත් අංකය ක්‍රෙඩිටි කාඩි /ඩෙබිට් කාඩි අංකය සහ ඇඟිලි සළකුණු වේ.

ඔබ අපේ වෙබි අඩවියට පිවිසි විට ඔබේ පෞද්ගලික තොරතුරු ලබාදිමට ඔබ කැමැත්තෙන් ඉදිරිපත් වුවහොත් මිස. එම අවස්ථාවෙදී අපි ඔබගෙ පෞද්ගලික තොරතුරු එකතු කිරිමට කටයුතු නොකරමු තවදුරටත් තොරතුරු ඉල්ලිමට ඔබ විසින් අප ඇමතු විට ඔබගෙ පෞද්ගලි තොරතුරු අප විසින් ඉල්ලා සිටිනු ලැබේ, එකතු කරගන්නා තොරතුරු වනුයේ ඔබගේ නම සහ ඊ මේල් ලිපිනය වේ.

ඔබගේ විමසිමි සහ ඉල්ලිමි සම්බන්ධයෙන් කටයුතු කිරිමෙදි සහ ඒවාට ප්‍රතිචාර දැක්විමෙදි ඔබ සමග සන්නිවේදනය කිරිමට එකතු කරගත් තොරතුරු භාවිත කරනු ලැබේ. ඔබගේ විමසිමි හෝ ඉල්ලිමි සම්බන්ධයෙන් කටයුතු කරන ක්‍රිබි නිලධාරින් විසින් පමණක් මෙම තොරතුරු භාවිත කරනු ලැබේ. මෙම තොරතුරු තුන්වන පාර්ශ්වයන්ට හෙළිදරවි කරනු නොලැබේ.

වෙනත් වෙබි අඩවිවලට ඇති සම්බන්ධතා

අපගේ වෙබි අඩවියේ 3 වන පාර්ශ්වයන්ගේ වෙබි අඩවි පිළිබඳව සඳහන් කර හෝ සම්බන්ධතා තිබිය හැකිය. එම තුන්වන පාර්ශ්වයේ වෙබි අඩවිවලට හෝ සේවාවලට ප්‍රවේශවිම හෝ ඒවා භාවිත කිරිම එම තුන්වන පාර්ශ්වයේ වෙබි අඩවිවල පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිවලින් පාලනය වේ.

කුකීස් (Cookies)

කුකීස යනු වෙබ් බ්රව්සර්වල තොරතුරු ගබඩා කිරීම සඳහා භාවිත කරන කුඩා ගොනු වන අතර පරිශීලකයෙකු වෙබ් අඩවියකට පිවිසෙන විට එය නිර්මාණය වේ. වෙබ් අඩවිය පරිශීලකයාගේ බ්රව්සරයේ පටවා ඇති බැවින්, වෙබ් අඩවිය බ්රව්සරයට තොරතුරු යවන අතර එය ගොනුවක් සාදයි. වෙබ් බ්රව්සරය (මයික්රොසොෆ්ට් එජ්, මයික්රොසොෆ්ට් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්, ගූගල් ක්රෝම්, මොසිල්ලා ෆයර්ෆොක්ස්, සෆාරි) උදාහරණ ලෙස මෙම කුකීස් සෑම වෙබි අඩවියකට පිවිසිමේදි වෙබ් අඩවියට යවා පරිශීලකයා හඳුනාගැනීමට සහ පුද්ගලික තොරතුරු මතක තබා ගැනීමට හෝ පරිශීලක ප්‍රමුකතාවයන් හඳුනාගැනිමට උපකාරි වේ.

මෙම වෙබ් අඩවියේ භාවිත කරන කුකීස් අපගේ වෙබ් අඩවියේ නරඹන්නන්ගේ අන්තර්ක්‍රියා විශ්ලේෂණය කිරීමේ අරමුණු සඳහා භාවිත කරනු ලබන අතර එමගින් අපට මෙම වෙබ් අඩවියේ භාවිතය තවදුරටත් වැඩිදියුණු කළ හැකි අතර මෙම වෙබ් අඩවියේ පරිශීලක අත්දැකීම් වැඩිදියුණු කළ හැකිය. මෙම කුකීස් නරඹන්නා පිළිබඳ කිසිඳු සංවේදී තොරතුරක් රැස්නොකරන හෝ ගබඩා නොකරන අතර, පිටවිමේදි පිටු, උපාංග / බ්රව්සර් විස්තර, අයි පී ලිපිනය සහ වෙබ් අඩවිය සමඟ අන්තර්ක්‍රියාකාරිත්වයට අදාළ වෙනත් තොරතුරු සහ තෝරාගත්විකල්ප හෝ මනාපයන් වැනි තොරතුරු රැස් නොකරයි.

ඔබට කුකීස් අක්‍රිය කිරීමට හෝ මකා දැමීමට හෝ ඒවා හසුරුවන ආකාරය අභිරුචිකරණය කිරීමට අවශ්‍ය නම්, මෙය ඔබගේ වෙබ් බ්රව්සර සැකසුම් හරහා සිදු කළ හැකි අතර, බ්රව්සරය භාවිත කරන ආකාරය අනුව සැකසීම් සහ වෙනස් කළ හැකි වෙනස් කිරීම් වෙනස් වේ. කෙසේ වෙතත්,මෙය මෙම වෙබ් අඩවියේ කුකීස් සැකසීම්වලට බලපානවා පමණක් නොව, ඔබ වෙබ් අඩවිය මත පදනම්ව කුකීස් මනාපයන් තෝරා නොගතහොත් ඔබගේ බ්රව්සරය හරහා ප්‍රවේශ වන අනෙකුත්සියළුම වෙබ් අඩවි වලටද එය අදාළ වේ.

රහස්‍යභාවය

ඔබ විසින් සපයනු ලබන පුද්ගලික තොරතුරුවල රහස්‍යභාවය සහ අඛණ්ඩතාව රඳවා ගැනීමට CRIB කැපවී සිටී. මෙම පුද්ගලික තොරතුරු අනිසි ලෙස භාවිත කිරීමෙන් හා අලාභයෙන්,අනවසරයෙන් ප්‍රවේශවීම, වෙනස් කිරීම හෝ අනාවරණය කිරීම හා විනාශයෙන් වැළැක්විමට ආරක්ෂා කිරීමට අපි සියළු සාධාරණ පියවර ගන්නෙමු.

ප්‍රතිපත්තියට කරනු ලබන සංශෝධන

අන්තර්ජාල පූර්ව දැනුම්දීමකින් තොරව ඕනෑම වේලාවක මෙම සබැඳි රහස් ප්‍රතිපත්තිය වෙනස් කිරීමේ අයිතිය CRIB ආයතනය සතුය. මෙම ප්‍රතිපත්ති ලේඛනයේ අවසානයේ ඇති අවසන් වරට යාවත්කාලීන කරන ලදි යන ශීර්ෂ පාඨය මගින් මෙම ලේඛනයට නවතම යාවත්කාලීන කිරීම් සිදු කළ දිනය පෙන්නුම් කරයි. සංශෝධිත අන්තර්ගතයන් මෙම වෙබ් අඩවියේ පළකිරීමෙන් පසු මෙම ප්‍රතිපත්තියේ යම් වෙනසක් සිදුවනු ඇත. මෙම වෙනස්වීම් වලින් පසුව ඔබ වෙබ් අඩවිය භාවිත කිරීම මගින් මෙම සංශෝධිත ප්‍රතිපත්තිය ඔබ පිළිගන්නා බව හා පිළිගැනීම සංකේතවත් කරයි. මෙම ප්‍රතිපත්තියේ නවතම සංශෝධන පිළිබඳව ඔබව දැනුවත් කර තබා ගැනීමට ඔබ මෙම වෙබ් අඩවිය භාවිත කරන විට වරින් වර මෙම ප්‍රතිපත්තිය පරීක්ෂා කිරීමට අපි ඔබව දිරිමත් කරමු.

අවසන් වරට යාවත්කාලීන කරන ලද්දේ 2021 ජුනි 16 වන දින.