ස්වයං විමසීම් ණය වාර්තාව (iReport) - ආයතනික

යම් ව්‍යාපාර ආයතනයක හෝ සමාගමක, එහි හිමිකරු / හවුල්කරු / අධ්‍යක්ෂකවරයෙකු විසින් ස්වකීය ව්‍යාපාර අයතනෙහි ණය තොරතුරු වාර්තාවක් කාර්යාංශයෙන් ඉල්ලා සිටින අවස්ථාවකදී, එම ව්‍යාපාර ආයතනයට අදාලව ණය දෙන ආයතන විසින් වාර්තා කර ඇති ණය තොරතුරු අනුසාරයෙන් නිකුත් කරනු ලබන වාර්තාව "ආයතනික ණය තොරතුරු වාර්තාව (iReport) - Corporate" ලෙස හැදින්වේ. 1995 අංක 08 දරන පනතින් සහ 2008 අංක 42 දරන පනතින් සංශෝධිත, 1990 අංක 18 දරන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ පනතේ විධිවිධාන අනුව, මෙම ආයතනික ණය තොරතුරු වාර්තාව, කාර්යාංශයෙන් ලබා හත හැක. ණය දෙන ආයතනයන් විසින් යම් ව්‍යාපාර ආයතනයකට හෝ සමාගමකට ලබාදී ඇති සියලුම ණය පහසුකම් වල ධනාත්මක මෙන්ම ඍනාත්මක තොරතුරු ද මෙම ආයතනික ණය තොරතුරු වාර්තා වේ අන්තර්ගත වේ.

වාර්තාව ලබාගැනීමේදී සම්පුර්ණ කලයුතු නියමයන්:
  • ව්‍යාපාර අයතනෙහි ණය තොරතුරු වාර්තාව කාර්යාංශයෙන් ඉල්ලුම් කල හැක්කේ එම ව්‍යාපාර ආයතනය ගනුදෙනු කරනු ලබන වාණිජ බැංකුවක් මගින් හෝ විශේෂිත බැංකුවක් මගින් එම අයදුම් පත ඉල්ලුම් කිරීමෙන් පමණි.
  • එම අයදුම් පත, ඉදිරිපත් කල හැක්කේ, එම බැංකු ශාඛාවේ සිටින කාර්යාංශය විසින් බලය දී ඇති බැංකු නිලධාරියෙකුගේ සහතිකය සහිතව පමණි.
  • එම අයදුම් පත, බැංකු නිලධාරියෙකුගේ සහතිකය නොමැතිව, එහි හිමිකරු / හවුල්කරු / අධ්‍යක්ෂකවරයෙකු විසින් කාර්යාංශය වෙත ඍජුව ඉදිරිපත් කල නොහැක.

 

ආයතනික ණය තොරතුරු වාර්තාව (iReport) ලබා ගැනීම සඳහා අනුගමනය කලයුතු පියවරයන්:
  • ව්‍යාපාර ආයතනයෙහි හිමිකරු / හවුල්කරු / අධ්‍යක්ෂකවරයෙකු විසින් සම්පුර්ණ කරන ලද ආයතනික ණය තොරතුරු වාර්තාව ( (iReport)) ලබා ගැනීම සඳහා වූ අයදුම්පත එම ව්‍යාපාර ආයතනය ගනුදෙනු කරනු ලබන වාණිජ බැංකුවක් වෙත හෝ විශේෂිත බැංකුවක් වෙත ඉදිරිපත් කල යුතුය.
  • නිසි ලෙස සම්පුර්ණ කරන ලද, එම ආයතනයෙහි හිමිකරු / හවුල්කරු / අධ්‍යක්ෂකවරයෙකු විසින් ආයතනික රබර් මුද්‍රාව සහිත ව සහතික කරන ලද අයදුම්පත (අයදුම්පත, කාර්යාංශ වෙබ් අඩවියෙන් (crib.lk) හෝ අයදුම්පත යොමු කරනු ලබන බැංකුව මගින් හෝ ලබා ගත හැක.) සමග ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකයෙහි සහ අධ්‍යක්ෂකවරුන් පිළිබඳ තොරතුරු සඳහන් ආකෘති පත්‍රයෙහි (Form 01 / Form 20) සහ VAT ලියාපදිංචි සහතිකයෙහි (ඇත්නම්) මුල් පිටපත් සහ එහි පැහැදිලි ඡායා පිටපත් සමග කාර්යාංශය විසින් බලය දී ඇති බැංකු නිලධාරියෙකු වෙත ඉදිරිපත් කල යුතු වේ.
  • කාර්යාංශය විසින් බලය දී ඇති බැංකු නිලධාරියා විසින් ආයතනික ණය තොරතුරු වාර්තාව (iReport ) ලබාගැනීම සඳහා වූ අයදුම්පත සමග ඉදිරිපත් කර ඇති ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකයෙහි සහ අධ්‍යක්ෂකවරුන් පිළිබඳ තොරතුරු සඳහන් ආකෘති පත්‍රයෙහි (Form 01 / Form 20) සහ VAT ලියාපදිංචි සහතිකයෙහි (ඇත්නම්) මුල් පිටපත් සහ එහි ඡායා පිටපත් පරික්ෂා කොට, එම අයදුම්පත සමග ඉදිරිපත් කර ඇති සනාථ කිරීමේ ලේඛනයන් සත්‍ය පිටපත් බවට සහතික කල යුතු වේ. (බැංකු රබර් මුද්‍රාව සමග)
  • කාර්යාංශය විසින් බලය දී ඇති බැංකු නිලධාරියා විසින් සහතික කරන ලද ආයතනික ණය තොරතුරු වාර්තාව (iReport ) ලබාගැනීම සඳහා වූ අයදුම්පත සහ අනෙකුත් සනාථ කිරීමේ ලේඛනයන් හි පිටපත් සමග ගෙවීම් / තැන්පතු රිසිට්පත (iReport නිකුත් කිරීම සඳහා අය කරනු ලබන ගාස්තුව) කාර්යාංශය වෙත යොමු කලයුතු වේ.
  • කාර්යාංශය වෙත ලැබෙන එම අයදුම්පත සහ සනාථ කිරීමේ ලේඛනයන් පරික්ෂා කිරීමෙන් අනතුරුව, ජනනය කරන ලද ආයතනික ණය තොරතුරු වාර්තාව (iReport ) කාර්යාංශය විසින් අයදුම්පත්‍රයේ සඳහන් ආයතනික ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යවනු ලබයි.
ස්වකීය ණය තොරතුරු වාර්තාවක් (iReport) පරීක්ෂා කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභයන්
01. iReport නිකුත් කරනු ලබනුයේ, එම තොරතුරු වල හිමිකරුට බැවින්, කාර්යාංශය වෙත වාර්තා කර ඇති සියළු තොරතුරු iReport මගින් එහි හිමිකරුට අනාවරණය කරයි. එබැවින් ණය දෙන ආයතන විසින් ලබාගන්නා ණය තොරතුරු වාර්තාවන් වල ඇතුලත් නොවන තොරතුරු ද iReport හි අන්තර් ගත වේ. එම තොරතුරු ලෙස දැක්විය හැක්කේ ;
  • iReport හි සඳහන් වන සියළුම ණය පහසුකම්, ඒවා ලබාදෙන ලද සියළුම ණය දෙන ආයතනයන් පිලිබඳ විස්තර සඳහන් කර තිබීම.
  • iReport හිමිකරු, ඇපකරු ලෙස හෝ බද්ධ ණය කරු ලෙස වාර්තා කර ඇති සියළුම ණය පහසුකම් වල, ණයකරුගේ විස්තර සඳහන් කර තිබීම.
  • iReport හිමිකරුගේ ණය තොරතුරු වාර්තාවන් පසුගිය මස 6 ක කාලයක් තුලදී, ලබා ගත් ණය දෙන ආයතනයන් පිලිබඳ විස්තර සඳහන් කර තිබීම.

02. පුද්ගලයෙකුට හෝ ආයතනයකට නව ණය පහසුකමක් අයදුම් කිරීමට පෙර, දැනට ලබාගෙන ඇති හෝ ඇපකරු ලෙස සඳහන් වී ඇති ණය පහසුකම් සහ එහි වර්තමාන තත්වයන් පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීම සඳහා iReport පරික්ෂා කිරීම, වැදගත් වේ.

03. පුද්ගලයෙකුට හෝ ආයතනයකට, iReport හි අන්තර්ගත තොරතුරු වල යම් විෂමතාවන් හෝ ආරවුල් තිබේනම්, ඒවා හඳුනාගැනීමටත්, ඒවා විසඳා ගැනීම සඳහා අදාල ණය දෙන ආයතනයන් වෙත යොමුවීමටත් අවස්ථා හිමි වන අතර එම ආරවුල් හෝ විෂමතාවන් දත්ත පිළිබඳ ආරවුල් නිරාකරණය කිරීමේ ක්‍රියාවලිය හරහා දත්ත පිළිබඳ ආරවුල් ලියාපදිංචි කිරීමේ පෝරමය (DHF) මගින් කාර්යාංශය වෙත යොමුකරවීමටද හැකියාව ලැබේ.

04. යම් පුද්ගලයෙකුහට ණය දෙන ආයතනයන් හා සමග සම්බන්ධ වී කටයුතු කිරීමටත්, නව ණය පහසුකමක් ලබාගැනීමේදී වඩා හොඳ තරඟකාරී පොලී අනුපාතිකයන් හා කොන්දේසි පිළිබඳව සාකච්චා කිරීමටත් iReport පරික්ෂා කිරීම, වැදගත් වේ.

05. ණය ආපසු ගෙවීමේ හැකියාවන් සහ පුරුදු විධිමත් කිරීමටත්, වක්‍ර බැඳීම් පිළිබඳව මනා අවබෝධයෙන් සහ අවධානයෙන් සිටීමටත්, එමගින් විනයගරුක ණයකරුවෙකු බවට පත්වීමටත් iReport පරික්ෂා කිරීම, වැදගත් වේ.