නියමයන් සහ කොන්දේසි

(මෙහි මින්මතු CRIB, (ක්‍රිබ්) යනුවෙන් සඳහන් කරනු ලබන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශයේ වෙබ් අඩවියට ඔබ සාදරයෙන් පිළිගනිමු. මෙම වෙබ් අඩවිය භාවිත කිරීම මගින් මෙම වෙබ් අඩවිය භාවිත කිරීමට අදාළ (මෙහි මින්මතු ’නියම හා කොන්දේසි' යනුවෙන් සඳහන් කරනු ලබන) පහත දැක්වෙන නියම හා කොන්දේසි අනුගමනය කිරීමට ඔබ එකඟ වන අතර එම නියම හා කොන්දේසිවලින් ඔබ බැඳී සිටී. එසේම, තෝරකය කෙරෙහි විශ්වාසය තැබීම මගින් හෝ නීතිය ක්‍රියාත්මකවීම මගින් ක්‍රිබ් (CRIB) ආයතනයට එරෙහිව ඔබට උපචිත විය හැකි යම් අයිතිවාසිකමක් හෝ හිමිකම්පෑමක් අත්හැරීමටද ඔබ එකඟ වේ. ඔබට දැනුම් දීමක් නොකර කවර හෝ අවස්ථාවකදී මෙම නියම හා කොන්දේසි අප විසින් ප්‍රතිශෝධනය කළහැකිය.

  • යම් කාර්යයක් සඳහා මෙම වෙබ් අඩවියේ පළ කරනු ලබන ලේඛනවල, රූප සටහන්වල සහ අදාළ ලිපිවල අන්තර්ගත තොරතුරුවල යෝග්‍යතාවය පිළිබඳව ක්‍රිබ් ආයතනය විසින් ප්‍රකාශිතව හෝ ගම්‍ය වන පරිදී කිසිදු නියෝජනයක් හෝ සහතිකයක් ඉදිරිපත් කරනු නොලැබේ. www.crib.lk යන වෙබ් අඩවියේ පළ කරනු ලබන වෙබ් පිටුවල, ලේඛනවල, රූප සටහන්වල සහ අදාළ ලිපිවල තාක්ෂණික දෝෂ හෝ යතුරු ලියන දෝෂ තිබිය හැකිය. කලින් දැනුම් දීමකින් තොරව කවර හෝ අවස්ථාවකදී මෙම වෙබ් අඩවියේ ඇතිලේඛනවල, රූප සටහන්වල හෝ අදාළ ලිපිවල සියළු අංශවලට සංශෝධිත කිරීමේ අයිතිය ක්‍රිබ් (CRIB) ආයතනය තබා ගනී.
  • මෙම වෙබ් අඩවිය සහ එහි පිටුවල ඇති ඡායාරූප සහ සියළු තොරතුරු ක්‍රිබ් (CRIB) ආයතනය සතු දේපළ වන අතර, ඒවා ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ නීති මගින් ආරක්ෂා කරනු ලැබේ. මෙම වෙබ් අඩවියේ සඳහන් කරුණු, ඡායාරූප, ශ්‍රව්‍ය හා දෘශ්‍ය කරුණු ඇතුළු සහ ඒවාට සීමානොවන මෙම වෙබ්අඩවියේ කිසිඳු කොටසක් මෙහි විධිවිධාන සලසා ඇති පරිදී හැර ක්‍රිබ් (CRIB) ආයතනයේ ප්‍රකාශිත ලිඛිත අවසරය ඇතිව මිස, කිසිඳු ආකාරයකින් කිසිඳු කාර්යක් සඳහා භාවිත නොකළ යුතුය. ඉහත කී අයිතිවාසිකම් අත්හැරීමකින් තොරව පෞද්ගලික හෝ වාණිජ නොවන භාවිතය සඳහා යම් පියුවක මුද්‍රිත පිටපතක් ලබා ගැනීමට මෙම වෙබ් අඩවිය භාවිත කරන්නන්ට අවසර ලැඛෙන නමුත් ප්‍රකාශිත අයිතිය පිළිබඳ දැන්වීම්. වෙළඳ ලකුණු, ලාංඡන හෝ වෙනත් හිමිකාර දැන්වීම් වෙනස නොකළයුතුය. ක්‍රිබ් (CRIB) ආයතනයේ ලිඛිත කැමැත්ත කළින් ලබා නොගෙන මෙම වෙබ් අඩවියේ ඇති යම් ලේඛනයක් භාවිත කරන්නන් විසින් පිටපත් කිරීම, වෙනස් කිරීම, විකි”ම, ඛෙදාහැරීම, යොදා ගැනීම, ප්‍රකාශයට පත්කිරීම, සකස් කිරීම, ප්‍රති උත්පාදනය කිරීම හෝ අන්‍යාකාරයකින් භාවිත කිරීම නොකළ යුතුය.
  • මෙම වෙබ් අඩවිය භාවිත කිරීමේදී මෙම වෙබ් අඩවිය ඔබ භාවිත කරන්නේ අවදානම ඔබ විසින් භාරගෙන බවට ඔබ පිළිගෙන එකඟවේ. මෙම වෙබ් අඩවියට පිවිසීම මගින් හෝ එය භාවිත කිරීම මගින් හෝ එහිසැරිසැරීම මගින් හෝ යම් දත්ත තොරතුරු රූපසටහන් ශ්‍රව්‍ය දෘශ්‍ය දත්ත භාගත කිරීම මගින් ඍජුවම හෝ අන්‍යාකාරයකින් උපචිත වියහැකි (ලාභ අහිමිවීම, ආදායම අහිමිවීම, දත්ත අහිමිවීම, මූල්‍ය පාඩු සිදුවීම, නෛතික ගාස්තු හෝ වෙනත් වියදම් ඇතුළු ඒවාට සීමා නොවන) යම් ආකාරයක වියදම්, දණ්ඩන අලාභ හෝ වෙනත් පාඩු සඳහා හෝ යම් ඍජු ආනුෂංගික විශේෂ හෝ ඍජු නොවන වෙනත් පාඩු සඳහා සහ යම් පරිගණක පද්ධතියකට, දුරකථන සේවාවකට, දෘඩාංගවලට, මෘදුකාංගවලට, වැඩසටහන් අක්‍රීය වීමකට හෝ වෙනත් වරදකට, අසාර්ථකවීමකට හෝ පරිගණකයේ වැඩසටහන් ප්‍රමාදයක් හෝ ජාල සම්බන්ධතාවල ප්‍රමාද සිදුවීමකට ක්‍රිබ් (CRIB) ආයතනය හෝ පරිගණක සේවා සපයන්නා හෝ මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීමට, නිෂ්පාදනය කිරීමට හෝ භාර දීමට දායක වූ යම් තැනැත්තෙක් වගකීමකට යටත් නොවේ.
  • මෙම වෙබ් අඩවියේ අන්තර්ගත පිරිවිතර, ලිපි, රූපසටහන් සහ වෙනත් තොරතුරු යාවත්කාලීන කළ තොරතුරු මත පදනම් වුවද, එසේම මෙම වෙබ් අඩවියේ අන්තර්ගත සියළු තොරතුරු නිවැරදි, සම්පූර්ණ හා කාලීන බවට සහතිකවීම සඳහා ක්‍රිබ් (CRIB) ආයතනය සියළු උත්සාහයන් දරන නමුත් සහ එම තොරතුරු විශ්වාසදායක මාර්ගවලින් ලබාගෙන ඇති නමුත්, එම තොරතුරුවල නිවැරදිභාවය පිළිබඳව ක්‍රිබ් (CRIB) ආයතනයට සහතිකවිය නොහැකි අතර, සෑම අවස්ථාවකම හෝ යම් නිශ්චිත අවස්ථාවකදී එම තොරතුරු, නිවැරදි, සම්පූර්ණ හා කාලීන බවට ක්‍රිබ් (CRIB) ආයතනය කරුණු නියෝජනය නොකරන අතර, ඒ සඳහා වගකීමක් නොදරයි. වෙබ් අඩවියේ ඇති කරුණුවල හෝ රීතිවල හෝ නීති ප්‍රඥාප්තිවල තිබිය හැකි වැරදි හෝ අත්හැරීම් පිළිබඳව ක්‍රිබ් (CRIB) ආයතනය වගකීමක් භාර නොගනී. එම තොරතුරු මත විශ්වාසය තැබීමට පෙර ඔබ එම රීතිවල හෝ ප්‍රඥප්තිවල නිල ප්‍රකාශනය පිළිබඳව සොයාබැලිය යුතුය. මෙම වෙබ් අඩවියේ ඇතුලත් සියළු තොරතුරු ’ඒවා පවතින තත්වයෙන්ම' ඉදිරිපත් කර ඇති අතර, එම තොරතුරුවල සම්පූර්ණ බව, නිවැරදිභාවය හෝ කාලීන බව හෝ මෙම තොරතුරු භාවිත කිරීමෙන් ලැඛෙන ප්‍රතිඵල පිළිබඳව කිසිදු සහතිකවීමක් නොමැත. එම තොරතුරු පිළිබඳව ප්‍රකාශිත හෝ ගම්‍ය ව්‍ර වගකීම් සහතිකයක් නැති අතර, එම තොරතුරුවල කාර්ය සාධනය, අලෙවි කළ හැකි බව හෝ යෝග්‍යතාවය පිළිබඳව වගකීම් සහතිකයක් ලබාදෙනු නොවේ.
  • මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු කිසිදු අවස්ථාවක නීතීඥවරයකුගේ උපදෙස් හා මාර්ගෝපදේශවලට ආදේශ කරනු ඇතැයි අපේක්‍ෂා නොකෙරේ.
  • මෙම වෙබ් අඩවිය වෙනත් වෙබ් අඩවිවලට සම්බන්ධකර තිබියහැකි වුවද, මෙම වෙබ් අඩවියේ විශේෂයෙන් සඳහන් කර නැත්නම්, ක්‍රිබ් (CRIB) ආයතනය වෙනත් වෙබ් අඩවි සමග ඍජුවම හෝ අන්‍යාකාරයකින් වෙනත් වෙබ් අඩවි සමග සම්බන්ධවීමට අනුමැතිය ලබාදී හෝ ආශ්‍රිත වී හෝ අනුග්‍රහය ලබාදී හෝ අවසර ලබාදී හෝ කැමැත්ත ලබාදී නැත. මෙම වෙබ් අඩවිය භාවිතයේදී ඔබ පිළිගත යුතු හා එකඟ වියයුතු කරුණක් වනුයේ මෙම වෙබ් අඩවියට සම්බන්ධ වී ඇති අනෙක් සියළු වෙබ් අඩවි ක්‍රිබ් ආයතනය විසින් පරික්ෂාකර බලා නැතිබවත් මෙම වෙබ්අඩවියට සම්බන්ධකර ඇති වෙබ් අඩවිවල පිටුවල ඇති කරුණු සම්බන්ධයෙන් ක්‍රිබ් ආයතනය වගකීමකට යටත් නොවන බවය.
  • මෙම නියම හා කොන්දේසි කවර හෝ අවස්ථාවකදී සහ කවර හෝ හේතුවක් අනුව මෙම නියම හා කොන්දේසි සංශෝධනය කිරීමේදී අයිතිය ක්‍රිබ් ආයතනය තබා ගන්නා අතර, එසේම වෙබ් අඩවියේ ඇති පිරිවිතර, අමතර කරුණු, ආදර්ශක ලිපි හෝ වෙනත් නිෂ්පාදන හෝ සේවා ඇතුළු එහෙත් ඒවාට සීමානොවන පරිදී වෙබ් අඩවියේ අන්තර්ගත කරුණු දැනුම් දීමකින් තොරව වෙනස් කිරීමේ අයිතිය ක්‍රිබ් ආයතනය තබා ගනී. මෙම වෙබ් අඩවිය භාවිත කිරීමේදී එවැනි ප්‍රතිශෝධනවලින් ඔබ බැඳී සිටින බවට ඔබ පිළිගෙන එකඟ වේ.

මෙම වෙබ් අඩවිය සමඟ අන්තර් ක්‍රියා කරනු ලබන පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වයට අප කාර්යාංශය ගරු කරන අතර ඔබ මෙම වෙබ් අඩවියට පිවිසෙන විට ඔබෙන් හෝ ඔබ පිළිබඳ තොරතුරු රැස් කර භාවිතා කරන්නේ කෙසේද යන්න පැහැදිලි කරන පෞද්ගලිකත්වහ් පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කර ඇත. එම ප්‍රතිපත්තිය වෙත මෙතැනින් පිවිසිය හැකිය.