අගය එකතු කළ සේවාවන්

සවිස්තරාත්මක ණය තොරතුරු වාර්තා සැපයීමට අමතරව ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය විසීන් එහි සාමාජිකත්වය දරණ ණය දෙන ආයතන සඳහා විවිධ අගය එකතු කළ සේවාවන්ද සපයනු ලබයි. බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ කාලීනව ඇතිවන අවශ්‍යතාවයන්ට සරිලන පරිදි ණය දෙන ආයතනයන්හි අභ්‍යන්තර ණය අවධානම් කළමණාකරන ක්‍රියාවලියෙහි කාර්යක්ෂමතාව වර්ධනය කර ගැනීම සඳහා පහසුකම් සැපයීම මෙම අගය එකතු කළ සේවාවන්ගෙන් බළාපොරොත්තු වේ. පහත සඳහන් අගය එකතු කළ සේවා ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය මගින් සැපයේ.


සමූහ ලෙස දත්ත ඉල්ලුම් ක්‍රමය (Bulk Request)
  • තම ණය දෙන ආයතනය හා දැනට ගනුදෙනු කරනු ලබන ණය කරුවන්ගේ ණය තොරතුරු කාලීනව අධ්‍යයනය කිරීම සඳහා ඔවුන්ගේ ණය තොරතුරු සමූහ ලෙස කාර්යංශය මගින් ඉල්ලුම් කර ලබා ගැනීමේ ක්‍රමවේදය මෙමගින් දැක්වේ. මෙම ක්‍රමය සජීවී ලෙස සම්බන්ධිත ක්‍රමයක් නොවෙන අතර කාර්යංශය මගින් අදාල ඉල්ලීම පද්ධති තුල මෙහෙයවා අවශ්‍ය ණය තොරතුරු සම්පාදනය කරදෙනු ලබයි.මෙහිදී ණය දෙන ආයතනවලට මේ සම්බන්ධයෙන් දැරීමට සිදුවන මෙහෙයුම් පිරිවැය අවම අතර ඉක්මනින් හා පහසුවෙන් ණය තොරතුරු ලබාගත හැකි වේ.

සජීවී ඉල්ලුම් ක්‍රමය (Live Request)
  • මෙම ක්‍රමයේදී ණය දෙන ආයතනයන්හි මූලික බැංකුකරණ පද්ධතීන් කාර්යංශයේ ණය තොරතුරු කළමණාකරන පද්ධතිය හා සෘජු සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම මගින් සජීවි ලෙස තම ණය ගනුදෙනු කරුවන්ගේ ණය තොරතුරු ලබාගැනීම සිදුවේ. මෙහිදී ඔවුනටම වෙන්වූ ආරක්ෂිත සම්බන්ධතාවයක් මගින් කාර්යංශය හා සම්බන්ධවන බැවින් අන්තර්ජාලය හරහා සම්බන්ධවීමේදි ඇතිවන සාමාන්‍ය අපහසුතා බළ නොපායි. වඩාත් ඉක්මණින් හා පහසුවෙන් ණය තොරතුරු සේවා ලබාගත හැකි ක්‍රමයකි.

ඊ-ඇඟවීම් (e-Alerts)
  • තම ණය කරුවන්ගේ ණය තොරතුරුවල ( පුද්ගලික තොරතුරු හා ලබාගෙන ඇති ණය පහසුකම් වල තොරතුරු ) කාලීනව සිදුවන වෙනස්වීම් (නව ණය පහසුකමක් ලබා ගැනීම, පවතින පහසුකමක් හිඟහිටි වීම, ණය කරුගේ ලිපිනය වෙනස් වීම, පවතින පහසුකමක් ගෙවා නිම කිරීම ආදී ) විද්‍යුත් සෝදිසි පණිවුඩ (Alerts) මගින් නිරීක්ෂණය කිරීමට ණය දෙන ආයතනයන්ට පහසුකම් සැළසීම මෙමගින් සිදුවේ.