සංශෝධිත 1990 අංක 18 දරන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය පනත මගින් පිහිටුවන ලද ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (මෙහිමින්මතු “CRIB” යනුවෙන් හඳුන්වනු ලබන) යනු ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනයකි. මෙය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය බහුතර කොටස් හිමිකාරිත්වය දරන රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වයකි. ඉතිරි කොටස් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයෙහි (CRIB) අනෙකුත් කොටස්හිමි සාමාජිකයන් අතර බෙදී පවතී.
ඔබගේ පෞද්ගලිකත්වය සුරැකීම අපගේ ප්‍රමුඛතම වගකීමයි. මෙම පෞද්ගලිකත්ව නිවේදනය මගින් ඔබගේ පුද්ගලික දත්ත රැස් කරනු ලබන ආකාරය, රැස් කරන දත්ත වර්ග, ඒවා රැස් කිරීමට හේතු සහ එම දත්ත බෙදාගන්නේ හෝ හෙළි කරන්නේ කාහටද යන්න විස්තර කෙරේ. අප වෙත කිසියම් පුද්ගලික දත්තයක් ලබාදීමට පෙර කරුණාකර මෙම පෞද්ගලිකත්ව නිවේදනය හොඳින් කියවා තේරුම් ගන්න.
මෙම පෞද්ගලිකත්ව නිවේදනය, (සංශෝධිත) 2022 අංක 09 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතේ (PDPA) අවශ්‍යතාවලට අනුකූල වන පරිදි සකස් කර ඇති බව සලකන්න.
මෙම වෙබ් අඩවිය භාවිත කිරීමෙන් ඔබ මෙම පෞද්ගලිකත්ව නිවේදනයේ නියමයන් තේරුම් ගත් බවත් ඒවාට එකඟ වන බවත් අදහස් වේ. මෙම පෞද්ගලිකත්ව නිවේදනය CRIB වෙබ් අඩවියේ භාවිත නියම හා කොන්දේසිවල අනිවාර්ය කොටසකි.
පුද්ගලික දත්ත ආරක්ෂණ පනත (PDPA) මගින් අර්ථ දක්වා ඇති පරිදි, දත්ත පාලකවරයෙකු යනු තනිව හෝ වෙනත් පාර්ශවයන් සමඟ ඒකාබද්ධව පුද්ගලික දත්ත සැකසීමේ අරමුණු සහ ක්‍රමවේද තීරණය කරනු ලබන යම් ස්වභාවික හෝ නීතිමය තැනැත්තෙකු වේ. දත්ත පාලකවරයා වෙනුවෙන් පුද්ගලික දත්ත සැකසීම සිදු කරනු ලබන්නා දත්ත සකසන්නෙකු වේ. ඉහත සඳහන් කරන ලද CRIB පනතට අනුකූලව දත්ත රැස් කිරීමට, සංසන්දනය කිරීමට සහ සංශ්ලේශනය කිරීමට CRIB වෙත නීත්‍යානුකූල බලය හිමිව ඇත. අදාළ දත්ත ආරක්ෂණ නීති සහ නියෝගවලට අනුව, CRIB ආයතනය දත්ත පාලකවරයෙකු ලෙස සලකනු ලැබේ.
දත්ත පාලකවරයාගේ සම්බන්ධතා තොරතුරු මෙම පෞද්ගලිකත්ව නිවේදනයේ “ඔබට අපව සම්බන්ධ කර ගත හැක්කේ කෙසේද? යන වගන්තිය යටතේ දක්වා ඇත.
අපි ඔබ පිළිබඳ විවිධ වර්ගයේ පුද්ගලික දත්ත සහ/හෝ පුද්ගලික දත්තවල විශේෂ ප්‍රභේද වල පුද්ගලික දත්ත වර්ග පහත පරිදි රැස් කර සකසන්නෙමු:
- මූලික පුද්ගලික තොරතුරු (සම්පූර්ණ නම, ස්ත්‍රී/පුරුෂ භාවය, උපන් දිනය, පුරවැසිභාවය, ලිපිනය ආදිය)
- ජාතික හැඳුනුම්පත/විදේශ ගමන් බලපත්‍රය/රියදුරු බලපත්‍ර විස්තර
- සම්බන්ධ කරගත හැකි තොරතුරු (උදා: ජංගම දුරකථන අංකය, විද්‍යුත් තැපැල් ලිපිනය ආදිය)
- අධ්‍යාපනික හා වෘත්තීය පළපුරුද්ද සහ අනුබද්ධතාවයන්
- රැකියා විස්තර (උදා: රැකියාව, සේවායෝජකයාගේ විස්තර ආදිය)
- ව්‍යාපාරික කටයුතු (උදා: වෘත්තිය, ව්‍යාපාරික විස්තර ආදිය)
- මූල්‍ය විස්තර (උදා: බැංකු ගිණුම් විස්තර ආදිය)
- ණය තොරතුරු (උදා: ණය පහසුකම් විස්තර, චෙක්පත් විස්තර ආදිය)
- වෙනත් තොරතුරු (උදා: උපයෝගිතා සේවා විස්තර, රක්ෂණ විස්තර ආදිය)
- අනන්‍යතාව තහවුරු කිරීම සහ පසුබිම් විමර්ශන
- ඡායාරූප සහ වීඩියෝ තොරතුරු (ඡායාරූප, CCTV දර්ශන ආදිය වැනි)
- ජානමය හෝ ජෛවමිතික දත්ත
ඔබ වෙබ් අඩවිය හරහා පිවිසෙන්නේ නම්, ඉහත සඳහන් දත්තවලට අමතරව අපි පහත දත්ත වර්ගද රැස් කරන්නෙමු;
- IP ලිපිනය
- ඔබ අපගේ වෙබ් අඩවියට පිවිසීමට පෙර භාවිත කළ වෙබ් අඩවිය
- භාවිත කරන ලද බ්‍රව්සර මෘදුකාංග වර්ගය
- ඔබ CRIB වෙබ් අඩවියේ පිවිසි පිටු
- ඔබ CRIB වෙබ් අඩවියට පිවිසි දිනය, වේලාව සහ ගත කළ කාලය
සටහන - අනෙකුත් වෙබ් අඩවිවලට ඇති සබැඳි (Links)
CRIB වෙබ් අඩවියේ තෙවන පාර්ශවීය වෙබ් අඩවි හෝ සේවාවන් වෙත යොමු කිරීම් හෝ සබැඳි (Links) තිබිය හැකිය. එම තෙවන පාර්ශවයන් විසින් කුමන තොරතුරු ලුහුබඳින්නේද හෝ රැස් කරන්නේද යන්න පිළිබඳව අපගේ පාලනයක් නොපවතී. එවැනි තෙවන පාර්ශවීය වෙබ් අඩවි හෝ සේවාවන් වෙත පිවිසීම සහ භාවිතය මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය මගින් පාලනය නොවන අතර, ඒවා එම අදාළ තෙවන පාර්ශවයන්ගේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති මගින් පාලනය වේ.
පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත (PDPA) යටතේ සඳහන් කර ඇති නීතිමය පදනම මත පමණක්, අපි ඔබගේ පුද්ගලික දත්ත පහත සඳහන් අරමුණු සඳහා සකසන්නෙමු:
- සඳහන් කරන ලද CRIB පනතෙහි දක්වා ඇති පරිදි කාර්යාංශයේ (CRIB) කාර්යයන් ඉටු කිරීම සඳහා.
- අනෙකුත් නීතිමය බැඳීම්වලට අනුකූලවීම සඳහා (උදා: CRIB පනත, බදු, ගිණුම්කරණය ආදිය).
- කොන්ත්‍රත්තු පරිපාලන කටයුතු ඉටු කිරීම සඳහා.
- පාරිභෝගික/පරිශීලක පරිපාලනය (තාක්ෂණික පරිපාලනය) සඳහා.
- ව්‍යාපාරික සබඳතා පවත්වාගෙනයාම සඳහා.
- කාර්යාංශයේ (CRIB) පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා සහ අපගේ ව්‍යාපාරික සබඳතා පිළිබඳ විශ්ලේෂණයන් සිදුකිරීම සඳහා.
- වංචා වැළැක්වීම සහ හඳුනාගැනීම සඳහා.
- දත්ත පාලකවරයාගේ අනෙකුත් නීත්‍යානුකූල අවශ්‍යතාවයන් සඳහා.
- ඔබ විසින් විශේෂයෙන්ම කැමැත්ත ලබාදී ඇති වෙනත් යම් සැකසීමේ කටයුතු සඳහා.
ඉහත දක්වා ඇති අරමුණු සඳහා, සඳහන් කරන ලද CRIB පනතේ 7අ වගන්තියට අනුව, අප වෙත ලැබෙන ඔබ හා සම්බන්ධ පුද්ගලික දත්ත අපි සකසන්නෙමු;
- සෘජුවම ඔබෙන්.
- සාමාජික ආයතනවලින් (යාවත්කාලීන කරන ලද ලැයිස්තුව ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ සාමාජික ආයතන වෙබ් පිටුවෙන් ලබා ගත හැක) සහ
- ණය ලබා දෙන ආයතනවලින් (උදා: ලංකා විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, විදුලි සංදේශ සේවා ආදිය).
- රක්ෂණ සමාගම්වලින්.
- පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයාගෙන්.
- ව්‍යාපාර ලියාපදිංච් කිරීමේ රෙජිස්ට්රාර්වරයාගෙන්.
- සමාගම් රෙජිස්ට්රාර්වරයාගෙන්.
අප විසින් පුද්ගල විස්තර විශ්ලේෂණය කිරීම ඇතුළුව, ස්වයංක්‍රිය තීරණ ගැනීමේ ක්‍රියාවලියක නිරත වන අවස්ථාවන්හිදී, එවැනි තීරණවලට එළඹීම සඳහා යොදා ගන්නා පදනම මෙන්ම එහි ඇති වැදගත්කම සහ එම දත්ත සැකසීම මගින් ඔබට ඇති විය හැකි ප්‍රතිඵල පිළිබඳව මෙම පෞද්ගලිකත්ව නිවේදනය මගින් හෙළිදරව් කරනු ඇත.
ඔව්, ඔබගේ උපාංගය හරහා පෙර සිදුකළ අන්තර්ක්‍රියා හඳුනාගැනීම සහ වෙබ් අඩවියේ වැඩිපුරම පරිශීලනය වන කොටස් හඳුනාගැනීම වැනි කරුණු මගින් අපගේ වෙබ් අඩවියේ කළමනාකරණය සහ භාවිතයේ පහසුව වැඩිදියුණු කිරීමට Cookies අපට සහාය වේ. ක්දදනසැි භාවිතය පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් අපගේ Cookies ප්‍රතිපත්තිය මගින් ලබාදී ඇති අතර, එමගින් යම් අවස්ථාවක ඔබගේ කැමැත්ත ලබාදීමට හෝ ඉල්ලා අස්කර ගැනීමට මෙන්ම ඔබගේ මනාපයන් සැකසීමට සහ කළමනාකරණය කිරීමට ඔබට අවස්ථාව සලසා දෙයි.
සුරැකි Cookies සැකසුම් ඉදිරි පිවිසුම් සඳහා අදාළ කර ගැනීමට අදහස් කළද, CRIB හි පාලනයෙන් බැහැර වූ තාක්ෂණික හේතු මත ඒ පිළිබඳ සහතික විය නොහැක. උදාහරණයක් ලෙස, ඔබගේ බ්රව්වුසරය යළි සැකසීම , Cookies මකා දැමීම හෝ වෙනත් බ්‍රව්සරයකින් හෝ උපාංගයකින් වෙබ් අඩවියට පිවිසීම මගින් ඔබගේ සැකසුම් නැති වී යා හැකිය. අදාළ නීති සහ නියෝගවලට අනුකූලව, මූලික හෝ පසුව සිදුවන පිවිසුම්වලදී ඔබගේ Cookies මනාපයන් තහවුරු කිරීමට හෝ යළි සැකසීමට ඇතැම් අධිකරණ බල ප්‍රදේශයන් මගින් ඔබට අවශ්‍යය විය හැකිය.
මීට අමතරව, බොහෝ බ්‍රව්සර මගින් Cookies සෘජුවම පාලනය කිරීමට ඔබට ඉඩ සලසයි. ඔබ Cookies පිළිබඳව දැනුම්වත්වීමට හෝ ඒවා පිළිගැනීමට කැමතිද යන්න ඔබගේ බ්‍රව්සර සැකසුම් මගින් පිළිබිඹු වන බවට කරුණාකර සහතික වන්න. මෙම හැකියාවන් පිළිබඳ මාර්ගෝපදේශ සාමාන්‍යයෙන් ඔබගේ බ්‍රව්සරයේ අත්පොතෙහි හෝ උපකාරක සම්පත් තුළ සොයාගත හැකිය.
එවැනි තාක්ෂණයන් (Cookies) නොමැතිව, වෙබ් අඩවිය හරහා පිරිනමනු ලබන සේවාවන්හි පවතින බව අඩු විය හැකි අතර, ඇතැම් විශේෂාංග නිසි ලෙස ක්‍රියාත්මක නොවීමට ඉඩ ඇත.
ඔබගේ පුද්ගලික දත්ත ඉහත සඳහන් කරන ලද අරමුණුවලට අනුකූල වන ආකාරයෙන් සකසන බවට අපි සහතික වන්නෙමු.
සඳහන් කරන ලද අරමුණු සඳහා, තෙවන පාර්ශවීය දත්ත පාලකවරුන් ලෙස කටයුතු කරන නම් කරන ලද පාර්ශවයන්ගේ ඉල්ලීම මත (සඳහන් කරන ලද CRIB පනතේ 7ආ වගන්තියට අනුව) ඔබගේ පුද්ගලික දත්ත හෙළිදරව් කළ හැකිය;
- සාමාජික ආයතන (යාවත්කාලීන කරන ලද ලැයිස්තුව ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ සාමාජික ආයතන වෙබ් පිටුවෙන් ලබා ගත හැක).
- මහ බැංකුව.
- ණය ලබා දෙන ආයතන (උදා: ලංකා විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, විදුලි සංදේශ සේවා ආදිය).
- රක්ෂණ සමාගම් (ඔබගේ කැමැත්ත ඇතිව).
- ජාත්‍යන්තර ණය තොරතුරු කාර්යාංශ (ඔබගේ කැමැත්ත ඇතිව).
සඳහන් කරන ලද අරමුණු සඳහා, සුදුසු තාක්ෂණික හා සංවිධානාත්මක පියවරයන් ක්‍රියාත්මක කර ඇති බවට සහතික වන, දත්ත සකසන්නන් ලෙස කටයුතු කරන පහත සඳහන් පාර්ශවයන් සමඟද අපි ඔබගේ පුද්ගලික දත්ත බෙදා ගත හැකිය;
- තාක්ෂණික උපදේශකයින්.
- නීතිඥයින් / නීතිඥ ආයතන.
- සේවා සපයන සමාගම් (උදා: තොරතුරු තාක්ෂණ, ලේඛන කළමනාකරණය, පද්ධති විකුණුම්කරුවන් ආදිය).
- අවසාන වශයෙන්, අපි පහත සඳහන් අවස්ථාවලදී ඔබගේ පුද්ගලික දත්ත බෙදා ගැනීමට ඉඩ ඇත:
- ඔබ අප ලබා දුන් නිෂ්පාදනයක් හෝ සේවාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අවස්ථාවක, අදාළ ඔම්බුඩ්ස්මන්ඩ්වරයා වෙත තොරතුරු හෙළිදරව් කිරීම ඇතුළු නීතිමය බැඳීම් ඉටුකිරීමේ අරමුණ සඳහා.
- නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්, රජයේ ආයතන සහ නියාමන ආයතන වෙත තොරතුරු හෙළිදරව් කිරීම මගින් අදාළ නීතිමය හෝ නියාමන අවශ්‍යතාවලට අනුකූලවීම සඳහා.
- අපගේ ව්‍යාපාරයේ, වත්කම්වල හෝ කොටස්වල සම්පූර්ණ හෝ කොටසක යෝජිත හෝ සත්‍ය ප්‍රතිව්‍යුහගත කිරීමක් , ඒකාබද්ධ කිරීමක් , අත්පත් කර ගැනීමක් , හවුල් ව්‍යාපාරයක් , පැවරීමක් හෝ වෙනත් බැහැර කිරීමක් සම්බන්ධයෙන් (බංකොලොත්භාවය හෝ ඒ හා සමාන ක්‍රියාවලීන්ද ඇතුළුව).
එම දත්ත සැකසීමට බලය නොමැති කිසිදු පාර්ශවයකට ඔබගේ පුද්ගලික දත්ත හෙළිදරව් කිරීමෙන් අපි වැළකී සිටින්නෙමු.
ඔබගේ පුද්ගලික දත්ත දේශීයව සකසනු ලබන්නේ ඉහත හඳුනාගත් පාර්ශවයන් විසින් දැනගත යුතුම කරුණු මත (Need-to-know) පදනම්වය. අදාළ දත්ත ආරක්ෂණ නීති සහ නියෝගවලට අනුකූලව රහස්‍යභාවය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා අපි කොන්ත්රාත්තුමය ආරක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මක කරන්නෙමු. එවැනි තොරතුරු සැකසීමට නිසි බලයක් නොමැති කිසිදු පාර්ශවයකට ඔබගේ පුද්ගලික දත්ත හෙළිදරව් කරනු නොලැබේ.
දේශසීමා අතර දත්ත හුවමාරුවක් (Cross-border transfer) සිදුවන අවස්ථාවකදී, පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත (PDPA) යටතේ සඳහන් කර ඇති අවශ්‍යතා අනුගමනය කිරීමට අපි සහතික වන්නෙමු.
අදාළ නීති හෝ නියෝග මගින් අවසරදී ඇති පරිදි, ඔබට පහත සඳහන් අයිතිවාසිකම් ඇත:
- ඔබ ගැන අප සතු පුද්ගලික දත්ත වෙත ප්රවේශවීම (PDPA 13 වන වගන්තිය).
- ඔබගේ කැමැත්ත මත පුද්ගලික දත්ත සකසන යම් අවස්ථාවක, එම කැමැත්ත යම් වේලාවක ඉල්ලා අස්කර ගැනීම (PDPA 14 වන වගන්තිය).
- PDPA හි I වන උපලේඛනයේ (ඉ) හෝ (ඊ) අයිතමය මත හෝ I වන උපලේඛනයේ (ඊ) අයිතමය මත පදනම්ව දත්ත සැකසීම සිදු කරන්නේ නම්, ඔබගේ පුද්ගලික දත්ත තවදුරටත් සැකසීමෙන් වැළකී සිටින ලෙස දත්ත පාලකවරයාගෙන් ඉල්ලා සිටීම (PDPA 14 වන වගන්තිය).
- නිරවද්‍යතාව සහතික කිරීම සඳහා ඔබගේ පුද්ගලික දත්ත නිවැරදි කිරීම හෝ සම්පූර්ණ කිරීම (PDPA හි 15 වන වගන්තිය).
- ඉහත සඳහන් කළ අරමුණු සඳහා තවදුරටත් අවශ්‍යය නොවේ නම්, අපගේ වාර්තාවලින් ඔබගේ පුද්ගලික දත්ත මකා දැමීම (PDPA හි 16 වන වගන්තිය).
- සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය සැකසීම මත පදනම්ව ගනු ලබන යම් තීරණයක් සමාලෝචනය කරන ලෙස ඉල්ලා සිටීම (PDPA හි 18 වන වගන්තිය).
- අප වෙත සහ/හෝ අදාළ දත්ත ආරක්ෂණ අධිකාරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම (PDPA V වන උපලේඛනයේ (ඔ) අයිතමය).
ඉහත සඳහන් අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම සඳහා, කරුණාකර දත්ත ආරක්ෂණ නිලධරයා සම්බන්ධ කර ගන්න (සම්බන්ධ කර ගත හැකි විස්තර පහත “ඔබට අපව සම්බන්ධ කර ගත හැක්කේ කෙසේද?” යන වගන්තිය යටතේ දක්වා ඇත).
අදාළ නීතියට හෝ නියෝගවලට යටත්ව, ඔබගේ පුද්ගලික දත්ත සැකසීමට විරෝධය පෑමට ඔබට අයිතියක් ඇත. එවැනි ඉල්ලීමක් ලැබුණු පසු, අදාළ නීතිමය රාමුව යටතේ වෙනත් ආකාරයකට අවසරදී නොමැති නම්, අපි ඔබගේ පුද්ගලික දත්ත සැකසීම නතර කරන්නෙමු. මෙම අයිතිවාසිකම ඉහත විස්තර කර ඇති අනෙකුත් අයිතිවාසිකම් මෙන්ම ක්‍රියාත්මක කළ හැකිය.
අපි ඔබගේ පුද්ගලික දත්ත රඳවා තබා ගනු ලබන්නේ, දත්ත රැස් කරන ලද අරමුණ ඉටු කර ගැනීමට හෝ නීතිමය බැඳීම්වලට අනුකූලවීම සඳහා අවශ්‍යය කාල සීමාව සඳහා පමණි. ඔබගේ පුද්ගලික දත්ත අවශ්‍යය කාල සීමාවෙන් ඔබ්බට සංරක්ෂණය නොකරන අතර, ඒවා මුලින් ලබාගත් අරමුණු සඳහාම පමණක් සුවිශේෂී ලෙස නඩත්තු කරනු ලැබේ.
- ඔබගේ අයදුම්පත් සැකසීමට සහ/හෝ අපගේ නිෂ්පාදන හා සේවා සැපයීමට අපට ඇති හැකියාව වැළකී යා හැක.
- අපගේ නිෂ්පාදන හා සේවා පිළිබඳ ඔබගේ විමසීම්වලට ප්‍රතිචාර දැක්වීමට අපට ඇති හැකියාවට බාධා ඇති විය හැක.
- අපගේ වෙබ් අඩවියේ ඇතැම් විශේෂාංග, සබැඳි හෝ ඩිජිටල් වේදිකා වෙත ප්‍රවේශය සීමාවීමට හෝ අවහිරවීමට ඉඩ ඇත.
- ප්‍රවර්ධන කටයුතු, නිෂ්පාදන හෝ සේවා පිරිනැමීම් හෝ නව හඳුන්වාදීම් පිළිබඳ යාවත්කාලීන තොරතුරු ඔබට ලබාදීමට අපට නොහැකි විය හැක.
- අප විසින් සංවිධානය කරනු ලබන ප්‍රවර්ධන වැඩසටහන් සඳහා වන ආරාධනාවලින් ඔබව බැහැර වීමට ඉඩ ඇත.
- ඔබ සමඟ පවත්වන සඵලදායී සන්නිවේදනයට බාධා ඇති විය හැක.
- එවැනි පුද්ගලික දත්ත රැස් කිරීම අවශ්‍යය වන අදාළ නීති හෝ නියෝගවලට අනුකූල නොවීමක් මින් අදහස් විය හැකිය.
පහත සඳහන් යම් ක්‍රමයක් මගින් ඔබට අපව සම්බන්ධ කර ගත හැක:
-
තැපෑල හරහා:
දත්ත ආරක්ෂණ නිලධාරී,
දත්ත ආරක්ෂණ දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (CRIB),
නො. 201, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත,
කොළඹ 02, ශ්‍රී ලංකාව. -
දුරකථන අංකය:
0112 13 13 38 -
විද්‍යුත් තැපෑල (email) හරහා:
privacy@crib.lk
මෙම පෞද්ගලිකත්ව නිවේදනය නිතිපතා සමාලෝචනය කරනු ලැබේ. කෙසේ වෙතත්, පූර්ව දැනුම්දීමකින් තොරව යම් අවස්ථාවක මෙම පෞද්ගලිකත්ව නිවේදනය වෙනස් කිරීමේ අයිතිය කාර්යාංශය (CRIB) සතු වේ. මෙම නිවේදනයේ අවසානයේ ඇති ”අවසන් වරට යාවත්කාලීන කරන ලද්දේ” යන ශීර්ෂය මගින් මෙම නිවේදනයට සිදු කළ මෑතකාලීන යාවත්කාලීන කිරීම්වල දිනය පෙන්නුම් කරයි. මෙම වෙබ් අඩවියේ සංශෝධිත අන්තර්ගතය පළ කළ මොහොතේ සිට එම වෙනස්කම් බලාත්මක වේ. එවැනි වෙනස්කම්වලින් පසුව ඔබ වෙබ් අඩවිය භාවිත කිරීම මගින් අදහස් වන්නේ ඔබ එම සංශෝධිත පෞද්ගලිකත්ව නිවේදනය පිළිගන්නා බවයි. එබැවින්, නවතම සංශෝධනයන් පිළිබඳව දැනුවත්වීම සඳහා මෙම වෙබ් අඩවිය භාවිත කරන විට වරින් වර මෙම පෞද්ගලිකත්ව නිවේදනය පරීක්ෂා කරන ලෙස අපි ඔබව දිරිමත් කරමු.
අවසන් වරට යාවත්කාලීන කරන ලද්දේ - 2026 මැයි මස 18

