ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ ණය ලකුණු වාර්තා - ආයතනික

යම් ව්‍යාපාර ආයතනයක් හෝ සමාගමක් සම්බන්ධයෙන් ණය දෙන ආයතනයන් විසින් වාර්තා කරන ලද දත්ත පදනම්ව යම් ගණිතමය රීතීන් හා කොන්දේසි වලට අනුකූලව ගණනය කරන ලද සංඛ්‍යාත්මක අගය ණය ලකුණ (Credit Score) ලෙස හැඳින්වේ. එම ණය ලකුණ සහිත වාර්තාව, ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය විසින් එම තොරතුරු අදාලවන එම ව්‍යාපාර ආයතනයේ හෝ සමාගමේ හිමිකරු /හවුල්කරු / අධ්‍යක්ෂකවරයෙකු ගේ ඉල්ලීම මත "ණය ලකුණ ඇතුලත් වාර්තාව - ආයතනික" ලෙස නිකුත් කරනු ලැබේ.

ණය ලකුණ, අංක 250 සිට 900 දක්වා පරාසයක පවතින අංක 3 කින් සමන්විත සංඛ්‍යාත්මක අගයක් වේ. යම් ආයතනයක ණය ලකුණ ඉහල අගයක පවතීනම්, එම ආයතනය ණය අවධානම අඩු ආයතනයක් වන අතර ණය ලකුණ පහල අගයක පවතීනම්, එම ආයතනය ණය අවධානම වැඩි ආයතනයක් ලෙස හැදින්වේ.

CRIB Score Logo
ණය ලකුණ ඇතුලත් වාර්තාවක් (ආයතනික) ලබාගැනීම සඳහා අනුගමනය කලයුතු පියවර
Step 1
Step 2
Step 3
 
ණය ලකුණ ඇතුලත් වාර්තාවක් ලබාගැනීම සඳහා අනුගමනය කලයුතු පියවර, ණය තොරතුරු වාර්තාවක් (“iReport”) ලබාගැනීමේදී අනුගමනය කලයුතු පියවර වලට සමාන වන අතර කාර්යාංශයේ සමාජිකත්වය දරන ඕනෑම වාණිජ බැංකුවක් මගින් හෝ ඕනෑම විශේෂිත බැංකුවක් මගින් අයදුම් පත ඉදිරිපත් කිරීමෙන් ණය ලකුණ ඇතුලත් වාර්තාව ලබාගත හැක.
යම් ව්‍යාපාර ආයතනයක හෝ සමාගමක හිමිකරු /හවුල්කරු / අධ්‍යක්ෂකවරයෙකු ආයතනික ණය තොරතුරු වාර්තාව (“iReport”) ඉල්ලුම් කරන්නේ නම් පමණක්, එම ව්‍යාපාර ආයතනයේ හෝ සමාගමේ ණය ලකුණ ඇතුලත් වාර්තාවද ඒ සමගම කාර්යාංශයෙන් ඉල්ලා සිටිය හැක.
ආයතනික ණය ලකුණ ඇතුලත් වාර්තාව ඉල්ලුම් කිරීමට භාවිතා කරනු ලබන්නේද, (“iReport”) ඉල්ලුම් කිරීමේ අයදුම් පත්‍රය ම වන අතර, එම වාර්තා දෙක සඳහා ම මෙහෙයුම් ගාස්තු අයකරනු ලැබේ.