ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ ණය ලකුණු වාර්තා - ආයතනික
යම් ව්‍යාපාර ආයතනයක් හෝ සමාගමක් සම්බන්ධයෙන් ණය දෙන ආයතනයන් විසින් වාර්තා කරන ලද දත්ත පදනම්ව යම් ගණිතමය රීතීන් හා කොන්දේසි වලට අනුකූලව ගණනය කරන ලද සංඛ්‍යාත්මක අගය ණය ලකුණ (Credit Score) ලෙස හැඳින්වේ. එම ණය ලකුණ සහිත වාර්තාව, ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය විසින් එම තොරතුරු අදාලවන එම ව්‍යාපාර ආයතනයේ හෝ සමාගමේ හිමිකරු /හවුල්කරු / අධ්‍යක්ෂකවරයෙකු ගේ ඉල්ලීම මත "ණය ලකුණ ඇතුලත් වාර්තාව - ආයතනික" ලෙස නිකුත් කරනු ලැබේ.
ණය ලකුණ, අංක 250 සිට 900 දක්වා පරාසයක පවතින අංක 3 කින් සමන්විත සංඛ්‍යාත්මක අගයක් වේ. යම් ආයතනයක ණය ලකුණ ඉහල අගයක පවතීනම්, එම ආයතනය ණය අවධානම අඩු ආයතනයක් වන අතර ණය ලකුණ පහල අගයක පවතීනම්, එම ආයතනය ණය අවධානම වැඩි ආයතනයක් ලෙස හැදින්වේ.
ණය ලකුණ ඇතුලත් වාර්තාවක් (ආයතනික) ලබාගැනීම සඳහා අනුගමනය කලයුතු පියවර