ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ ණය ලකුණු වාර්තා - තනිපුද්ගල

යම් පුද්ගලයෙකු සම්බන්ධයෙන් ණය දෙන ආයතනයන් විසින් වාර්තා කරන ලද දත්ත පදනම්ව යම් ගණිතමය රීතීන් හා කොන්දේසි වලට අනුකූලව ගණනය කරන ලද සංඛ්‍යාත්මක අගය ණය ලකුණ (Credit Score) ලෙස හැඳින්වේ. එම ණය ලකුණ සහිත වාර්තාව, "ණය ලකුණ ඇතුලත් වාර්තාව - පුද්ගල" ලෙස ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය විසින් එම තොරතුරු අදාලවන පුද්ගලයාගේ ඉල්ලීම මත වාර්තාවක් ලෙස නිකුත් කරනු ලැබේ.

ණය ලකුණ, අංක 250 සිට 900 දක්වා පරාසයක පවතින අංක 3 කින් සමන්විත සංඛ්‍යාත්මක අගයක් වේ. යම් ණයකරුවකුගේ ණය ලකුණ ඉහල අගයක පවතීනම්, ඔහු හෝ ඇය ණය අවධානම අඩු ණයකරුවකු වන අතර ණය ලකුණ පහල අගයක පවතීනම්, ඔහු ගණිතමය රීතීන් හා කොන්දේසි වලට අනුකූලව “ණය ලකුණ“ ගණනය කිරීමේදී, පහත සඳහන් නිර්නායකයන් සැලකිල්ලට භාජනය කෙරේ.

  • ගෙවීම් චර්යාවන්
  • අධි ණයගැතිභාවය
  • පුද්ගලානුබද්ධ හෝ අයතනානුබද්ධ තොරතුරු
  • පවතින ණය උපයෝගී කරගන්නා ආකාරයන්
  • නව ණය පිළිබඳව කරනු ලබන විමසීම්
  • ණය සඳහා ඉදිරිපත් කර ඇති ඇපකරයන්
  • වාර්තා වී ඇති අගරු වූ චෙක්පත්
CRIB Score Logo
ණය ලකුණ ඇතුලත් වාර්තාවක් (පුද්ගල) ලබාගැනීම සඳහා අනුගමනය කලයුතු පියවර
Step 1
Step 2
Step 3
 
ණය ලකුණ ඇතුලත් වාර්තාවක් ලබාගැනීම සඳහා අනුගමනය කලයුතු පියවර, ණය තොරතුරු වාර්තාවක් (iReport) ලබාගැනීමේදී අනුගමනය කලයුතු පියවර වලට සමාන වන අතර ණය තොරතුරු කාර්යංශයට පැමිණීමෙන් හෝ කාර්යාංශයේ සමාජිකත්වය දරන ඕනෑම වාණිජ බැංකුවක් මගින් හෝ ඕනෑම විශේෂිත බැංකුවක් මගින් අයදුම් පත ඉදිරිපත් කිරීමෙන් ණය ලකුණ ඇතුලත් වාර්තාව ලබාගත හැක.
යම් පුද්ගලයෙකු ස්වකීය ණය තොරතුරු වාර්තාව (iReport) ඉල්ලුම් කරන්නේ නම් පමණක්, ඔහුගේ හෝ ඇයගේ ණය ලකුණ ඇතුලත් වාර්තාවද ඒ සමගම කාර්යාංශයෙන් ඉල්ලා සිටිය හැක.
ණය ලකුණ ඇතුලත් වාර්තාව ඉල්ලුම් කිරීමට භාවිතා කරනු ලබන්නේද, (iReport) ඉල්ලුම් කිරීමේ අයදුම් පත්‍රය ම වන අතර, එම වාර්තා දෙක සඳහා ම මෙහෙයුම් ගාස්තු අයකරනු ලැබේ.