ස්වකීය ණය තොරතුරු වාර්තාව (MyReport) - පුද්ගල

යම් පුද්ගලයෙකු විසින් ණය තොරතුරු වාර්තාවක් කාර්යාංශයෙන් ඉල්ලා සිටින අවස්ථාවකදී, ඔහු හෝ ඇයට අදාලව ණය දෙන ආයතන විසින් වාර්තා කර ඇති ණය තොරතුරු අනුසාරයෙන් නිකුත් කරනු ලබන වාර්තාව "පුද්ගල ණය තොරතුරු වාර්තාව (MyReport - Individual) ලෙස හැදින්වේ.
1995 අංක 08 දරන පනතින් සහ 2008 අංක 42 දරන පනතින් සංශෝධිත, 1990 අංක 18 දරන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ පනතේ විධිවිධාන අනුව, ඕනෑම පුද්ගලයෙකු හට ස්වකීය ණය තොරතුරු වාර්තාව, කාර්යාංශයෙන් ඉල්ලා සිටිය හැක. ණය දෙන ආයතනයන් විසින් යම් පුද්ගලයෙකු හට ලබාදී ඇති සියලුම ණය පහසුකම් වල ධනාත්මක මෙන්ම ඍනාත්මක තොරතුරු ද මෙම ණය තොරතුරු වාර්තා වේ අන්තර්ගත වේ.

පුද්ගල ණය තොරතුරු වාර්තාව (MyReport) ලබා ගත හැකි ආකාරයන්
ඕනෑම පුද්ගලයෙකු හට පහත සඳහන් ක්‍රම මගින් ස්වකීය ණය තොරතුරු වාර්තාව MyReport කාර්යාංශය වෙතින් ලබාගත හැක.
  • ණය තොරතුරු කාර්යාංශය වෙත පිවිසීමෙන් :
    කොළඹ 01, සර් බාරොන් ජයතිලක මාවතේ, අංක 25 දරන ස්ථානයෙහි පිහිටි අප කාර්යාංශය වෙත සතියේ කාර්යාලීය දිනවල පෙ.ව.9.00 සිට ප. ව. 3.30 දක්වා කාලය තුල පුද්ගලිකව පැමිණ MyReport ලබාගැනීම සඳහා වූ අයදුම් පත ඉදිරිපත් කලයුතු වේ. මේ සඳහා ඔබගේ ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වලංගු රියදුරු බලපත්‍රය හෝ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වලංගු ගුවන් ගමන් බලපත්‍රය හෝ ඉදිරිපත් කල යුතු වන අතර MyReport නිකුත් කිරීම සඳහා අය කරනු ලබන ගාස්තුව ගෙවිය යුතු වේ. MyReport ලබාගැනීම සඳහා වූ අයදුම් පත කාර්යාංශයෙන් ලබා ගත හැක.
  • කාර්යාංශයේ සමාජිකත්වය දරන වාණිජ බැංකුවක් මගින් හෝ විශේෂිත බැංකුවක් මගින් MyReport ලබාගැනීම සඳහා වූ අයදුම්පත කාර්යාංශය වෙත යොමු කිරීමෙන් ;
    කාර්යාංශය වෙත පුද්ගලිකව පැමිණිය නොහැකි අවස්ථාවන්හි දී, ඔබ ගනුදෙනු කරනු ලබන ඕනෑම වාණිජ බැංකුවක් මගින් හෝ විශේෂිත බැංකුවක් මගින් සහතික කරන ලද ඔබගේ MyReport ලබාගැනීම සඳහා වූ අයදුම් පත කාර්යාංශය වෙත යොමු කිරීමෙන් ඔබගේ පුද්ගල ණය තොරතුරු වාර්තාව MyReport ලියාපදිංචි තැපෑලෙන් නිවසටම ගෙන්වා ගත හැක.
ඒ සඳහා අනුගමනය කළයුතු පියවරයන්
පියවර 1
පියවර 2
පියවර 3
පියවර 4
පියවර 5
පියවර 6
ඔබ විසින් සම්පුර්ණ කරන ලද MyReport ලබාගැනීම සඳහා වූ අයදුම්පත, ඔබ ගනුදෙනු කරනු ලබන ඕනෑම වාණිජ බැංකුවක් හෝ විශේෂිත බැංකුවක් වෙත යොමු කළයුතු වේ.
නිසි ලෙස සම්පුර්ණ කරන ලද MyReport ලබාගැනීම සඳහා වූ අයදුම්පත (අයදුම්පත, කාර්යාංශ වෙබ් අඩවියෙන් (www.crib.lk) හෝ ඔබ විසින් යොමු කරනු ලබන බැංකුව මගින් හෝ ලබා ගත හැක.) සමග ඔබගේ ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වලංගු රියදුරු බලපත්‍රය හෝ වලංගු ගුවන් ගමන් බලපත්‍රය සහ එහි පැහැදිලි ඡායා පිටපතක් සමග කාර්යාංශය විසින් බලය දී ඇති නිලධාරියෙකු වෙත ඉදිරිපත් කළ යුතුය.
කාර්යාංශය විසින් බලය දී ඇති බැංකු නිලධාරියා විසින් ඔබගේ MyReport ලබාගැනීම සඳහා වූ අයදුම්පත සහ ඔබ විසින් ඉදිරිපත් කරනු ලබන ඔබගේ හැඳුනුම්පත පරික්ෂා කොට, එම අයදුම්පත සහ ඔබගේ හැඳුනුම්පතෙහි ඡායා පිටපත සත්‍ය පිටපතක් බවට සහතික කළ යුතු වේ. (බැංකු මුද්‍රාව සමග)
කාර්යාංශය විසින් බලය දී ඇති බැංකු නිලධාරියා විසින් සහතික කරන ලද අයදුම්පත සහ හැඳුනුම්පතෙහි ඡායා පිටපත සමග ගෙවීම් / තැන්පතු රිසිට්පත (MyReport නිකුත් කිරීම සඳහා අය කරනු ලබන ගාස්තුව) කාර්යාංශය වෙත යොමු කළයුතු වේ.
කාර්යාංශය වෙත ලැබෙන එම අයදුම්පත පරික්ෂා කිරීමෙන් අනතුරුව, අයදුම්කරුගේ පුද්ගල ණය තොරතුරු වාර්තාව (MyReport) නිකුත් කරනු ලබයි.
කාර්යාංශය විසින් එම ණය තොරතුරු වාර්තාව, අයදුම්පත්‍රයේ සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් ලැබීමට සළස්වනු ලැබේ.