ඔබගේ MyReport වාර්තාව මෙතැනින් ලබා ගන්න
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය යනු

1990 අංක 18 දරණ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ පනත (1995 අංක 08 සහ 2008 අංක 42 ලෙස සංශෝධනයට ලක්ව ඇත) යටතේ පිහිටුවන ලද ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය, දකුණු ආසියාවේ පිහිටුවන ලද පළමුවන ණය තොරතුරු කාර්යාංශයයි.

රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම සාමූහික සහභාගීත්වයෙන් ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස පිහිටුවා ඇති ණය තොරතුරු කාර්යාංශයෙහි හිමිකාරත්වය ශ්‍රී ලංකා මහ බැංකුව, ලියාපදිංචි වාණිජ බැංකු, ලියාපදිංචි විශේෂ බැංකු, ලියාපදිංචි මූල්‍ය සහ ලීසිං සමාගම් විසින් දරනු ලැබේ.
වැඩිදුර කියවන්න

අපහට ඔබට සහය විය හැක්කේ කෙසේද?

බැංකු හා මූල්‍ය ආයතන තම ගණුදෙනුකරුවන්හට ණය ලබාදීමේදී ගනු ලබන තීරණ නිවැරදි හා කාර්‍යක්ෂම කිරීමට අවශ්‍යය තොරතුරු කලට වේලාවට සපයාදෙමින්, ආර්ථිකයේ සෑම අංශයකටම ණය ගලායාම පහසුකරවීමට ණය තොරතුරු කාර්යාංශය බළාපොරොත්තුවන අතර ණය සඳහා වගකීමෙන් බැඳි, යහපත් ණය ශක්‍යතාවයකින් හෙබි සමාජයක් භිහිකරලීමෙහිලා පෙරගමන්කරු ලෙස කටයුතු කරයි.

පොදු මහජනතාවට ඉක්මණින් හා පහසුවෙන් ණය ලබාගත හැකි පසුබිමක් රට තුල නිර්මාණය කිරීම සඳහා අප පෙරමුණ ගෙන සිටිමු! පුද්ගලයින් හා ව්‍යවසායන් සඳහා ණය තොරතුරු වාර්තා නිකුත් කිරීම මගින් ණය සම්බන්ධව වගකීමෙන් කටයුතු කිරීමට අප ඔබව දිරි ගන්වන්නෙමු. එය ඔබට යහපත් ණය ශක්‍යතාවක් උපදවා ගැනීම සඳහා උපකාරී වේ.

මූලාරම්භයේ සිටම තම ණය සම්බන්ධ වූ හැසිරීම ක්‍රමාණූකූල ලෙස සකසා ගැනීම, ව්‍යාපාරික ලෝකයේ ඉදිරි පියවරයන් සඳහා බැංකු හා මූල්‍ය ආයතන සමග කටයුතු කිරීමේදී අවශ්‍ය වන විශ්වාසනීයත්වය ගොඩනංවා ගැනීමට උපකාරී වේ.

ඔබගේ ණය සම්බන්ධ ක්‍රියා පිළිවෙල ක්‍රමාණුකූල නම් එය ණය සඳහා ප්‍රවේශ වීම පහසු කරවයි! අප ඒ සඳහා ඔබට මඟ පෙන්වන්නෙමු.

 
අපගේ කැපවීම

ණය හා මුල්‍ය තොරතුරු රැස් කිරිම හා බෙදා හැරිම සඳහා අප වෙත පැවරුනු ව්‍යවස්ථාපිත වගකීම සපුරාලීම

දත්ත කළමණාකරනය සහ සුරක්ෂිතව තොරතුරු සම්පාදනය කීරිම සඳහා තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ පිළිගත් යහභාවිතාවන් හා ප්‍රමිතීන්ට අනුකුලව කටයුතු කිරිම

පරිභෝගිකයන් හට හිතැති සේවාවක් සැපයීම

ණය සඳහා පහසුවෙන් ප්‍රවේශ විමට අවස්ථා ප්‍රවර්ධනය කීරිම

ණය සඳහා වගකීමෙන් බැඳි සමාජයක් භිහි කරලීම

ඔබගේ ණය තොරතුරු වාර්තාව (MyReport) වැදගත් වන්නේ ඇයි?
  • ඔබගේ ණය තොරතුරු වාර්තාව (MyReport) වූ කලි ඔබ විසින් ලියාපදිංචි ණය දෙන ආයතනවලින් මීට පෙර ලබාගත් ණය පහසුකම්වල තොරතුරු හා ඒවා සඳහා ආපසු ගෙවීම් සිදුකළ ආකාරය පිළිබඳ තොරතුරු ඇතුලත් සවිස්තරාත්මක වාර්තාවකි.
  • බැංකු හා මූල්‍ය ආයතන තම ගණුදෙනු කරුවන්ට ණය ප්‍රදානය කිරීමේදී ඔවුන්ගේ පෙර ණය ගණුදෙනු පිළිබඳවද විමසා බලයි. මෙම තොරතුරු ණය ඉල්ලුම්කරුගේ ණය ශක්‍යතාවය අධ්‍යයනයට මෙන්ම ණය අවධානම් කළමණාකරනය සඳහාද එම ආයතනවලට අතිශය වැදගත් වේ. ඔබ හට ණය ප්‍රදානය කිරීමේදී ගනු ලබන තීරණ නිවැරදි හා කාර්යක්ෂම කිරීමට මෙම තොරතුරු මනා කාර්යභාරයක් ඉටු කරයි.
  • ඔබගේ ණය තොරතුරු වාර්තාවෙහි අඩංගු පෙර ණය හා ආපසු ගෙවීම් පිළිබඳ තොරතුරු, ණය ශක්‍යතා අධ්‍යයන ක්‍රියාවලිය උදෙසා කාර්යක්ෂමව යොදාගත හැකි බැවින් ඒ සඳහා බැංකු හා මූල්‍ය ආයතනවලට දැරීමට සිදුවන පරිපාලන හා මෙහෙයුම් වියදම් අඩුවීම තුලින් ඔබගේ අවශ්‍යතාවයට සරිලන ණය පහසුකමක් කඩිනමින් පිරිනැමීමට අවශ්‍ය කටයුතු සැළසෙනු ඇත.
  • ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ මෙම සේවාව නිසා, යහපත් ණය ශක්‍යතාවයකින් හෙබි, ණය සඳහා වගකීමෙන් බැඳි ණය ඉල්ලුම්කරුවන් සඳහා තරඟකාරි වටපිටාවක් තුල වාසිදායක කොන්දේසි යටතේ ප්‍රමුඛ හා කාර්යක්ෂම සේවාවක් සැළසෙනු ඇත.
  • එබැවින් නිරන්තරව ඔබගේ ණය තොරතුරු වාර්තාවෙහි අන්තර්ගතය පිළිබඳ මනා අවබෝධයකින් හා අවධානයෙන් සිටිම අතිශය වැදගත් වන අතර එමගින් එම තොරතුරුවල නිවැරදි භාවය හා යාවත්කාලීන බව ඔබටම තහවුරු කොටගත හැකිවනු ඇත.
නවතම පුවත් හා තතු විත්ති
news thumb
2025Apr
CRIB - Enhancing Credit Inclusivity Through Data-Driven Solutions

Director/GM Pushpike Jayasundara shares Insights...

වැඩිදුර කියවන්න
news thumb
2025Feb
CRIB - Enhancing Credit Inclusivity Through Data-Driven Solutions

Director/GM Pushpike Jayasundara shares Insights for...

වැඩිදුර කියවන්න
news thumb
2024Aug
CRIB Expands Credit Report Accessibility through Strategic Partnerships99...

Facilitates Direct Public Access to Credit Reports and...

වැඩිදුර කියවන්න
news thumb
2025Jan
CRIB’s Nationwide Financial Awareness Initiative

The Credit Information Bureau of Sri Lanka (CRIB), in its...

වැඩිදුර කියවන්න
news thumb
2024Jul
CRIB Empowers Sri Lankans with Digital Access to Services

Promotes individual credit health through CRIB “MyReport”...

වැඩිදුර කියවන්න
news thumb
2024May
Credit Information Bureau Of Sri Lanka

Q: Can you provide an overview of the Credit Information...

වැඩිදුර කියවන්න
news thumb
2024Mar
Providing remote assistance to remote schools

Our recent CSR initiative, "Education Assistance for Two Remote...

වැඩිදුර කියවන්න
news thumb
2024Feb
Annual General Meeting 2022 - Chairperson’s Message

I am pleased to present the audited financial statements and...

වැඩිදුර කියවන්න
news thumb
2024Feb
CRIB Enhances Customer Services through Digital Onboarding

In a significant move to elevate its customer services, CRIB...

වැඩිදුර කියවන්න
news thumb
2021Feb
Why is Your Credit Report Important

Your Credit Report is a record of your credit repayment history...

වැඩිදුර කියවන්න
news thumb
2021Feb
What are the benefits of Credit Information Bureau

Prior to the formation of CRIB, Banks and Financial institutions...

වැඩිදුර කියවන්න
news thumb
2021Jan
Our quest towards promoting a responsible, credit-worthy society

In our quest towards promoting a responsible, credit-worthy...

වැඩිදුර කියවන්න
news thumb
2021Jan
How you can obtain your own Credit Report

According to the provisions of Credit Information Bureau Act...

වැඩිදුර කියවන්න